මගේ මුහුණ දකින්නේ අවුරුදු හතරකින්…. චරිත් අබේසිංහ

320

ආපහු සීදුව සකුරා වැඩ කරන්න ආසයි
මම කාවත් කොපි කරන්නේ නැහැ

ඔහුව අපට මුලින්ම හමුවෙන්නේ සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙසයි. පසුව මොහු හිටි හැටියේම විදෙස්ගත වෙනවා. දශයකට පස්සේ ආපසු ලංකාවට ආවහම යළිත් ඔබ අප අතරට එන්නේ රංගන ශිල්පියෙක් එහෙමත් නැති නම් අධ්‍යක්ෂවරයෙක් හැටියට. නමින් චරිත් අබේසිංහ වන ඔහු අද දවසේ ඔබ අප අතරට එන්නේ සිරස නාලිකාව හරහා විකාශනය වන ත්‍සඩැ ඵසකකසදබ ඵදබැහ ෘරදච වැඩසටහන හරහායි. ඉතින් මේ අලුත් අත්දැකීම ගැන මීවිත අප චරිත් සමග පුංචි පිළිසඳරක යෙදුණා.

● චරිත්ට කාලෙකට පස්සේ රියැලිටි වැඩසටහනක නිවේදකයාගේ භූමිකාව හම්බවෙලා නේද?
කාලෙකට පස්සේට වඩා මම හිතන්නේ ජීවිතයේ පළමු වතාවට තමයි මෙහෙම වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්නේ. මේක ලොකු අභියෝගයක්. මම වැඩ කරන කණ්ඩායමේ ඉන්නවා චන්දන සූරියබණ්ඩාර, නිෂ්පාදිකා කාංචනී වගේම අධ්‍යක්ෂ තාරක. නමුත් මම හිතනවා චන්දන වගේ දැවැන්තයෙක් සමග මේ වැඩේ සාර්ථකව කර ගන්න පුළුවන් වුණා කියලා.

● කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මේ කතා කරන මොහොත වනවිටත් විකාශනය වුණු හැම වැඩසටහනක්ම යු ටියුබ් එකේ ටේ්‍රන්ඩින් වෙලා තියෙනවා. රූපවාහිනිය තුළිනුත් විශාල ප්‍රමාණයක් බලනවා සෑහෙන ප්‍රතිචාර ටිකක් මටත් වගේම වැඩසටහනටත් ලැබිලා තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මේක වෙනස්ම විදිහකට අඳුරගෙන තිබෙනවා කියලත් හිතෙනවා.

● රූපවාහිනියෙන් චරිත්ගේ මුහුණ දකින්නෙ සෑහෙන කාලයකට පස්සෙ?
 
ඔව්. මම අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කරන්න පටන් ගත්තාට පස්සේ සෑහෙන්න රූපවාහිනියෙන් මගේ මුහුණ දකිනවා අඩුයි. මම දැන් වැඩ කරන්නේ තිරය පිටිපස්සේ.

● ඇත්තටම කොච්චර කාලයකින් ද මුහුණ දකින්නේ?
 
මම හිතන්නේ මුහුණ දකින්නේ අවුරුදු හතරකින් පහකින් විතර.

මගේ මුහුණ දකින්නේ අවුරුදු හතරකින්.... චරිත් අබේසිංහ

● රියැලිටි වේදිකාවේ ඔබ හරි ආකර්ෂණීයයි?
හොඳම දේ ප්‍රථමයෙන් අපි කාවත් කොපි කරන්න හොඳ නැහැ. මේක අලුත්ම වරලත් වැඩසටහනක්. එතකොට ඒකේ සම්පූර්ණ හැඩය නිර්මාණය කරන්න ඕනෑ අපිම තමයි. මෙතනට එන පිරිස කොහොමද මගේ විධානයට හසු කර ගන්නේ. ඉතින් ඒකට හොඳම දේ තමයි තරගයක විනිශ්චයකාරයෙක් විදිහට වැඩ කරන එක. තරගකරුවන් එක්ක අවශ්‍ය දේ පමණක් කතා කරන එක. තරගයට අදාළ දේවල් විතරක් කතා කිරීම. තරගය මෙහෙයවන්නා මෙහෙයවන්නාගේ රස්සාව විතරක් කරහම හොඳටම ඇති කියලා මම හිතන්නේ.

● ඔබට පිටපතක් අතට ලැබෙනවාද?
 
නැහැ. නමුත් අපිට මේ වැඩසටහනේ බයිබල් එකක් තියෙනවා. ඒකට අනුව තමයි අපි වැඩ කරන්නේ. මේ තරගයේ නීතිරීති තියෙනවා. ඒවාට පිටින් අපිට වැඩ කරන්න බැහැ. හොඳම දේ ප්‍රේක්ෂකයා වගේම ඒ වගේම තරග වදින්නා වගේම තරගයේ කුතුහලය මගේ තුළිනුත් එන්න ඕනෑ. ඉතින් ඒක එළියට ආවහම තමයි නැචුරල් වෙන්නේ. ඇත්ත වෙන්නේ. නැතිනම් ඒක රඟපෑමක් වෙනවා සත්‍ය විදිහට වෙන්න නම් ඒ හැඟීම එවලෙට තියෙන්න ඕනෑ. දැනට යම් පිළිගැනීමක් වගේම සාර්ථකත්වයක් තියෙනවා නම් මම හිතනවා ඒක ලැබෙන්නේ ඒ දේවල් නිසා කියලා.

● චරිත් කාවත් කොපි කරන්නේ නැතිද?
මම කිසිම කෙනෙක් කොපි කරන්නේ නැහැ. ජාත්‍යන්තර වැඩසටහනේ ඉන්න කෙනා මට වඩා බොහොම වයසින් වැඩි කෙනෙක්. ඔහු කතා කරන්නේ මට වඩා වේගයෙන්. ඒ තරම් වේගයෙන් මම කතා කළොත් තරගකරුවන්ට ප්‍රශ්නය තේරෙන එකක් නැහැ. මම ජාත්‍යන්තර තරගත් නරඹලා තියෙනවා. මම කොහොමත් වැඩක් කරන්න ගියහම මගේ විදිහක් හදා ගන්නවා. නාට්‍යයක් කළත් රඟපාන්න ගියත් එහෙමයි ඒක මම මෙතැනදිත් ප්‍රායෝගිකව භාවිතා කළා.

● චරිත් අබේසිංහ කියන නළුවාට මොකද වුණේ?
මොනවත්වත් වුණේ නැහැ. මම ඇත්තටම ආසා රඟපානවාට වඩා අධ්‍යක්ෂණය කරන්න. ඒකත් එක්ක නළුවෝ මෙහෙයවන එක තමයි අවුරුදු හතක් තිස්සේ සිදු කලේ. ජූලියා එකේ රංගනයේ දායක වීමත් අහඹු සිදුවීමක්. ඒකත් මම රංගනයෙන් දායක වෙන්න හිටපු චිත්‍රපටයක් නෙමෙයි. වෙන හේතුවක් නිසයි නිෂ්පාදකවරයා සහ රංගන ශිල්පියා කියන දේට දායක වුණේ. මම තවම කැමති මගේ ගායනය වෙනුවෙන් යමක් කරන්න.

● ආපහු සිදුව සකුරා කණ්ඩායමෙන් ආරාධනාවක් ආවොත් භාර ගන්නවාද?
ආරාධනාවක් ලැබුණොත් භාරගන්න මම ඉතාමත්ම කැමැතියි. වැඩේ තියෙන්නේ එයාලත් එක්ක මගේ කාලය හසුරුවා ගැනීමේදී බෑන්ඩ් එකට අසාධාරණයක් වෙයිද කියන කාරණාව තමයි තියෙන්නේ ඇත්තටම අපිත් එක්ක ප්ලේ කරපු අයගෙනතුත් තවම හතර පස්දෙනෙක් බෑන්ඩ් එකේ ඉන්නවා ඔවුන් මගේ හොඳ යාළුවෝ.

● අජිත් විතානගේ කතා කළේ නැතිද?
අජිත් අයියා මගෙත් එක්ක කතාබහ කරනවා. ඇත්තටම අවසාන වතාවටත් ඔහුගේ ගෙදර ගියේ අම්මා නැති වුණ අවස්ථාවේ.

● චරිත්ට බෑන්ඩ් එකක් පටන් ගන්න අදහසක් නැතිද?
 
මම ඇත්තටම එහෙම ලොකු වගකීම් දරන්න වුවමනාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ඔය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනයත් ලොකු වගකීමක්. මම වගකීම්වලින් පුළුවන් තරම් අඩුවෙන් තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් මම ජීවිතයේ සෑහෙන මහන්සි වෙලා තියෙන්නේ. ඉදිරියේදී අපි කරන්න ඕනෑ මොළේ වෙහෙසලා කරන වැඩ කරන්න ඕනෑ එතැනදී අධ්‍යක්ෂණය මට අයින් කරගන්න බැරි වේවි. නමුත් බොහෝවිට ගායන ශිල්පියා මතු වෙන්න ඉඩ තියෙනවා.

● රඟපෑමට ආරාධනා තිබෙනවාද?
ආරාධනා තිබෙනවා අන්තිමටත් ආරාධනාවක් ලැබුණා. මගේ හොඳ මිත්‍රයෙක් වන මේනක රාජපක්ෂගෙන්. මේ දිනවල රූගත කිරීම් අවසන් කරපු ටෙලි නාට්‍යයක හොඳ චරිතයකට. මගේ තියෙන වැඩත් එක්ක ඒකටත් යන්න බැරි වුණා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment