මගේ වට්ස් ඇප් කෝල් එක සී. අයි.ඞී ය හොරෙන් අහලා…. පාඨලී පාර්ලිමේන්තුවේදී කියයි

206

වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික මෙවලමක් ඔස්සේ ඇහුන් කන්දී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කීය.

එමෙන්ම තම මූලික අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් සිදුව ඇති බැවින් අධිකරණ නියෝගයකින් තොරව එසේ කරන ලද ක‍්‍රියාව නීති විරෝධී බැවින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ ආරක්ෂක සමාගමේ

නිලධාරීන් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුවට කැඳවන්නැයි මන්ත‍්‍රීවරයා කථානායකගෙන් ඉල්ලීමක් කළේය. එය තම මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩකිරීමක් ලෙස සලකා ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා පරීක්‍ෂණයක්කොට තම අයිතීන් උල්ලංඝනය කළ පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් දීමට ක‍්‍රියා කරන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment