මගේ සම්බන්ධයක්  ඔප්පු වුණොත්  ඇමැතිකමෙන් යනවා- අරුන්දික කියයි

299

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ‍්‍රයේ සිදුවූ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම මේකට සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් මම ඇමැති ධුරයෙන් ඉවත් වෙනවා’’ යැයි පොල්, කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඊයේ (02 වැනිදා* මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේම පොල් සංවර්ධන මණ්ඩලයේ සේවය කරන අයකු හෝ තමාට සම්බන්ධ බව කියන කව්රුන් හෝ මෙම සිද්ධියට සම්බන්ධවී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ‍්‍රයේ සිදුවූ සිද්ධිය අද උදේ මට ආරංචි වුණා. එම සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් සහ රියැදුරකු අත්අඩංගුවට පත්වෙලා කියලා දැන ගන්න ලැබුණා. මේ සිද්ධියට අපේ නිලධාරියෙක් හරි මගේ කියන කව්රුන් හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ අයට එරෙහි දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. මම හැමදාමත් සාධාරණය පැත්තේ ඉඳගෙන වැඩ කරන කෙනෙක්. මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment