මගේ හදගැස්ම වේදිකාවයි – කුලසිරි මල්ලිකාරච්චි

119

සුමිත් ගල්හේන අධ්‍යක්‍ෂණය කළ සමන් අලංකාර නිෂ්පාදනය කළ ‘අපි දඟකාරියෝ. වේදිකා නාට්‍ය එළඹෙන 19 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට බණ්ඩාරගම මෛත්‍රි රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ. එහි රංගනයෙන් දායක වන කුලසිරි මල්ලිකාරච්චි තම රංගන දිවිය ගැන කළ සංවාදයක පෙළගැස්මක් පහතින් දැක්වේ.

මගේ හදගැස්ම වේදිකාවයි - කුලසිරි මල්ලිකාරච්චි

“මම බණ්ඩාරගම ප්‍රදේශයේ දැල්කඩ ග්‍රාමයේ ඉපදිලා කුඩා කාලයේදීම රංගනයට” කලාවට හිතගිය කලාකරුවෙක්. 1980 සැප්තැම්බර් 28 වැනිදා ජිනදාස හේන්ගොඩ මහතා හා අනුර කිත්සිරි විතානගේ මහතා එක්ව නිර්මාණය කළ ‘සිව්රංඟ. දොඹගොඩ ශීලරතන විදුහල් රංග ශාලාවේ රංගගත වීමෙන් ප්‍රාදේශීය වේදිකාව තුළ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ මා රඟපෑ මුල් දවසයි. ඊට පසු 1981 නොවැ. 07 වැනිදා කළුතර හෝලික්‍රොස් රංග ශාලාවේදී ජිනදාස හේන්ගොඩ මහතාගේ ‘කීර කොටුවේ රාළ. නාට්‍යයේ රඟපා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණා. ඉන්පසු රයිගම් කෝරළ නාට්‍ය කණ්ඩායම බිහිකර නාට්‍ය කීපයක් කළා. ලීල් චන්‍ද්‍රසිරිගේ කුණාටු වීදිය” වෙරළෙන් හඬක් යනාදිය රඟපා 1983 දී කොළඹට පැමිණියේ කලාසූරි සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ මහතාගේ සොක්කානෝ රජානෝ නාට්‍යයටයි. මගේ රංගනය පිළිබඳ ලොකු විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගැනීමට හැකි වුණා. ඊට පසු ධම්ම ජාගොඩ මහතාගේ ‘සකළ ජන.” සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ මහතාගේම බක තපස්” අපායේ අවුරුදු” අනුර වරාගොඩගේ චක්කරේ” පුත නොබලන් හෙළ ගැඹුරුයි” සජානි” ජයරත්න රූපසිංහගේ සෙත් වේවා මේ සුබ” බිඳුන බඳුන්” තිලක් කුමාර රත්නායකගේ ගිනි උඩ පිනි” ජනක් ප්‍රේමලාල්ගේ රජගහේ නාඩගම” සක්වල කැළඹිලා” රාජකපුරු” අබුද්දස්ස කෝලම” සිව්නලු ගී” අබේරත්න පල්ලියගුරුගේ සාතන්ගේ ගෝලයෝ” ජිනදාස හේන්ගොඩගේ සරසවියේ දෝංකාරය” ගාමිණි සිසිල්ගේ ඇල්ශේෂන්” හේමචන්‍ද්‍ර පියදාගේ සුකිරි බටිල්ලෝ” සුදුසේල” සිරි එදිරිසිංහගේ මහා කොළඹ” සුගත් ශාන්ත මොරගහකුඹුරගේ ධර්මිස්ටර්ලා” ප්‍රදීප් විල්සන් කාරියවසම්ගේ භවචක්‍ර” සුනිල් හඳපාන්ගොඩගේ සකෝ බල ලෝ” දිනුම් සේනාධීරගේ නටල බලමුද” කමල් විජේතුංග ගේ චෞර සමාගම ඇතුළු වේදිකා නාට්‍ය 75 ක පමණ මේ වන විට රඟපා ඇත.

සතිස්චන්‍ද්‍ර එදිරිසිංහගේ ඉසුරු ලොවයි වැව් මඩලයි” දියවඩන මලුව” ධම්ම ජාගොඩ ගේ මිහිකතගේ දරුවෝ” සමන් කුමාර ලියනගේ- රන්තලියේ වලව්ව” මොනරතැන්න” සඳසාවි” පිත්තල කොන්ඩෑරුම” දේවි” පාලි” අනුර වරාගොඩගේ අහස් ගංගා” අහස් පව්ව” සිවගුරුනාදන්ගේ මැති නැති දා” හන්ස පිහාටු” හාරකෝටිය” කළු කුරුල්ලා” එක ගෙයි මිනිස්සු” ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ රන් බැඳි මිනිස්සු” සුදත් රෝහණගේ කටු ඉඹුල” ස්වයංජාත” පියගැටපෙළ” රිහාන් රවින්‍ද්‍රගේ සිත් බැඳි දනව්ව වගේම මේ දිනවල දෙරණ නාලිකාවේ සති අන්තයේ රාත්‍රි 9.00 ට විකාශය වන ශ්‍රියන්ත ප්‍රගිත් රත්නායක ගේ සැලෙනා නුවන් වැනි ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වී ඇත.

උදයකාන්තා වර්ණසූරියගේ කොස්තාපල් පුක්‍ඳ්ක්‍ඳසෝම” ගින්දරී” වී. සිවදාසන්ගේ දෝණි” ගිරිරාජ් කෞෂ්‍යල්‍යගේ කහරු මිතුරු – රන්දික විජේමාන්නගේ අග්නි ද රඟපෑමට මට වරම් ලැබීය. මම වේදිකා නළුවෙක්. එයයි මගේ අනන්‍යතාවය. එය මා මියයන තුරු රැක ගැනීමයි මගේ අදිටන. වේදිකාව මගේ ආත්මයයි.

කලාසූරී සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ මහතා” ධම්ම ජාගොඩ මහතා” ජනක් ප්‍රේමලාල් මහතා” අනුර වරාගොඩ මහතා” ජේ. ඒ. ඩී. පෙරේරා මහතා” බිරිඳ චිත්‍රා නාකන්දල” උත්පලා උත්තරා දියණියන් දෙදෙනා” රුමේස් දිසානායක ලහිරු ප්‍රදීප් වංශනායක පුතාලා දෙන්න මට හැම විටම ශක්තියක් වෙනවා.

අරුණ

advertistmentadvertistment
advertistmentadvertistment