විවාහ උත්සවවලට අත්සන් කිරීම සඳහා ලැබෙන ඇරයුම් ප්රතික්ෂේප කිරීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව විවාහ උත්සවවලට පවා සහභාගිවීමට අසීරුවී තිබෙන බව සඳහන් කළ කථානායකවරයා ඉන්ධන හිඟය කාට කාටත් තදින්ම බලපාන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය සෙසු මැති ඇමැතිවරුන්ට පවා බලපෑමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය.
මෙවර පාර්ලිමේන්තු රැස්වීමට පවා ඉන්ධන ප්රශ්නය මත මැති ඇමැතිවරු බොහෝ දෙනකු සහභාගි නොවන බවට තමාට විශ්වාසයක් පවතින බවද මහින්දයාපා අබේවර්ධන මහතා කීවේය.
නෝමන් පලිහවඩන