මඟුල් පොකුරු

189

සිංහල අලූත් අවුරුදු සමයේ සංචරණ සීමා ලිහිල් කිරීම නිසා අලූතින් කොරෝනා රැුල්ලක් ඇති විය. සංචරණ සීමා ලිහිල් නොකළා නම් මෙවැනි විපතක් සිදු නොවන බව එම අවස්ථාවේදී සමහරු චෝදනා මුඛයෙන් කතා කළහ. එම අවස්ථාවේදී සෞඛ්‍ය අංශවල උපදෙස් මත සංචරණ සීමා පනවමින් රට යම් ප‍්‍රමාණයකට වසා දමණු ලැබිණි. එහි ප‍්‍රතිඵලය ලෙස දිනකට 3000 කට ආසන්න වූ කොරෝනා ආසාදිතයන්ගේ ප‍්‍රමාණය යම් ප‍්‍රමාණයකට අඩුවිණි. එහෙත් තත්ත්වය මුළුමනින්ම පහනොවීය. කෙසේ වෙතත් මේ වනවිට සංචරණ සීමා ලිහිල් වී තිබේ. විවිධ අංශවලට පනවා තිබූ තහංචි ද ඒ අනුව යම් ප‍්‍රමාණයකට ලිහිල් වී තිබේ. මේ ලිහිල්භාවය අවභාවිත නොකිරීමේ වගකීම ඇත්තේ ද ජනතාවටය. ජනතාව මේ මොහොතේදී තමන්ගේ සීමාව ඉක්මවා කටයුතු කළහොත් අප රටට හතරවන කොරෝනා රැුල්ලක් ඇතිවීමේ අවදානම ඉහළය.

  පසුගිය කාලයේදී පනවා තිබූ සංචරණ සීමා හා ඒ අනුව නිකුත්කළ සෞඛ්‍ය රෙගුලාසි අනුව මඟුල් උත්සවවලට ද දැඩි සීමා පැනවිණි. එනිසා තමන්ගේ ජීවිතයේ ඉතාම සුන්දර අවස්ථාව කල්දැමීමට යුවතිපතීන්ට සිදුවිය. නමුත් මේ වනවිට 150 ක සීමාවකට යටත්ව මංගල උත්සව පැවැත්වීමට අවසර ලැබී ඇත. එය එක් අතකින් අලූතින් විවාහ ජීවිතයට ඇතුළුවීමට අපේක්‍ෂාවෙන් සිටින මනාල මනාලියන්ට සැනසුම් සුසුමක් හෙළීමට හේතු වූවා යැයි සැක නැත. එහෙත් මේ ලැබී ඇති සහනය අවභාවිත කරන පිරිසක් නිසා මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බව කොවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි. අලූත් අවුරුදු පොකුරුක් ඇති වුණා සේම කොරෝනා මඟුල් පොකුරු ඇති වුවහොත් එය ඉතාමත් භයානක තත්ත්වයක් වනු ඇත. විශේෂයෙන්ම විකෘති වූ කොරෝනා ඩෙල්ටා ප‍්‍රභේදය අප රටේ ද ශීඝ‍්‍රයෙන් පැතිරයෑමේ අවදානමක් ඇති අවස්ථාවක අප සියලූ දෙනා වගකීම් විරහිතව කි‍්‍රයා කළහොත් ඒ තුළින් අප සමාජයට විය හැකි අතුරු ඵල භයානකය. මඟුල් අවමගුල් නොකර ගැනීමේ වගකීම ඇත්තේ ජනතාව අතය.
 
 ඊයේ (23 දා* පෙරවරුව වනවිට මෙරට සෞඛ්‍ය අංශ යාවත්කාලීන තොරතුරු අනුව අප රටින් කොරෝනා ආසාදිතයන් 291298 ක් වාර්තා වී තිබිණි. එම ආසාදිතයන් අතරින් 264755 ක් සුවය ලබා තිබීම අස්වැසිල්ලකි. නමුත් අප මේ මොහොතේ අමතක නොකළ යුතු කාරණාව වන්නේ අප රටේ 4002ක් දෙනෙක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වී ඇති පුවතයි. අප කොරෝනා වැළඳී මියගිය පළමු රෝගියා පිළිබඳව අසද්දී අප මුළුමහත් සමාජයම දැඩි කම්පනයට ලක් විය. නමුත් අද වන විට අප රටින් කොරෝනා මරණ හාරදහස ඉක්මවා වාර්තා වෙද්දී එකී කම්පනය පහව ගොස් ඇති සෙයක් දැනේ. එය ඉතාමත් නරක තත්ත්වයකි. නිසි ලෙස පරිස්සම් වුවහොත් ජීවිතය ගලවා
 
 ගැනීමට අවස්ථාව තිබියදී කොරෝනාවට බිලිවීම ඛේදවාචකයකි. එනිසාම කිසිම මොහොතක කොරෝනා වෛරසයේ ඇති භයානක ප‍්‍රතිඵල ගැන අප කිසි ලෙසකින්වත් අවතක්සේරු නොකළ යුතුය.
 
 ලෝක වසංගතයක් වූ කොරෝනාවේ ඇති භයානකත්වය පිළිබඳව ප‍්‍රමාණික අවබෝධයක් අප සමාජයේ සියලූ දෙනාට තිබේ. ඒ පිළිබඳව සියලූම මාධ්‍ය නිරන්තරයෙන් දැනුවත් කිරීම ද අඩු නැතිව සිදුකරනු ලැබේ. එහෙත් සමහරක් මේ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම අතිශය කනගාටුදායකය. කොරෝනාවෙන් ගැලවීම සඳහා හොඳම විකල්පය ලෙස මේ මොහොතේ පිළිගැනෙණුයේ එන්නත්කරණයයි. ඊට සමගාමීව සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස පිළිපැදීම ද කළ යුතුමය. නමුත් මේ වනවිට ඒවා අමතක කරන පිරිසක් සමාජයේ සිටීම
 
 කනගාටුවට කරුණකි. අත් සේදීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, නිසි පරතරයක් පවත්වා ගැනීම වැනි ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකි සෞඛ්‍ය නිර්දේශ අද ඇතැමුන්ට අමතක වී තිබේ. තමන්ගේ ජීවිතය රැුක ගැනීම සේම තම ආදරණීයන්ගේ ජීවිත රැුක ගැනීම සඳහා අප සෑම මොහොතකම අවදියෙන් සිටිමින් ජීවිතය කළමනාකරණය කරගත යුතුය.
 
 අප රටක් ලෙස සිටිනුයේ දැඩි ආර්ථික අර්බුදයක බවද අප මොහොතකටවත් අමතක නොකළ යුතුය. රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා පැනවීම තුළ සිදුවන්නේ අප රට තවදුරටත් අගාදයට යෑම පමණකි. එනිසා සමස්ත පුරවැසියන්ගේ යුතුකම වගකීම විය යුත්තේ කොරෝනා ආසාදිතයකු නොවීමට වගබලා ගැනීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment