මඤ්ඤං ටීවී එකේ කොත්තු සී ඊ ඕ

409

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයේ විශාල ෆයිව් ස්ටාර් හොටෙල් එකක් තිබුණා. නගරාවපුරවරයේ සිටුවරුන්, වණිජයන්, ධන කුවේරයන්, පවුල් පිටින් නිතර දෙවේලේ මේ හොටෙල් එකට එනවා හීනියට ඩි‍්‍රන්ක්ස් එකක් දාලා ලන්ච් එකක් ඩිනර් එකක් අරගෙන පොඩි ජොලියක් දාලා ආතල් එකක් ගන්න. පැත්තකින් තියෙනවා ස්විමිං පූල් එක. අනිත් පැත්තෙන් ගාඞ්න් එක. ඊටත් ඉස්මත්තෙන් පොල් අතු වලින්, ලී කෝටු වලින් හදාපු පුංචි පුංචි කබානාස්! වනාන්තරයේ සිරි නරඹන්න එන, වනදාරයේ තියෙන විශාල වැවේ ඔරු පදින්න ආස කරන උදවිය ඇවිත් සුමානයක් දෙකක් මෙහේ නැවතිලා ඉන්නවා. මේ හොටෙල් පූල් එකේ දිය රෙදි ඇඳගෙන නාන්න නෝනලා නෑ! ඔක්කොම ඉන්නේ බිකිනි ඇඳපු කට්ටිය. දන්නවානේ බිකිනි කියන්නේ මොනවද කියලා. බිකිනි කියන්නේ යාන්තම් විලි වහගන්න ඇෙඟ් දවටාගන්න බොහෝම සිම්පල් ඇඳුමක්! දැකලා ඇතිනේ ඔය සුදු නෝනලා මූදූ වෙරළේ ඇවිද ගෙන යන්නේ මේන්න මේ බිකිනි ඇඳලා තමයි!

කැලෑවේ එවුන්ට මේවා මැජික් වුණාට නගරාවපුරවරයේවුන්ට මේවා ගාණක්වත් නෑ. කොටින්ම කියනවා නම් නගරාවපුරවයේවුන්ට ඇඳුම් තිබුණත් එකයි, නැතත් එකයි! හැබැයි කරුමේ කියන්නේ ගමේ ඉඳලා ටවුමට ආපු එවුනුත් සුමානයක් යනකොට මේ කල්චර් එකට ඇබ්බැහි වෙන එකයි! පේන්නේ නැද්ද ඔය ටෙලියක ප‍්‍රධාන නිළියන්ට නාන්න සබන් කෑල්ල දීලා නිළියන්යැ‘යි කියාගන්නා, ආන්න ආන්න කියනකොට කැපිලා යන සීන් එකෙන් අතුරුදන් වන පැඟිරි ගැටිස්සියෝ ඔය ටෙලිවිෂන් එකේ ‘බයිලා ටෝක්ස්’ ‘බැට් විත් රැට්’ ‘අනේ පව්!’ ‘හිත පාරන තුරු’ වගේ පේ‍්‍රක්ෂකයෝ ප‍්‍රඥාවෙන් ආනන්දයට පත් කරන සම්මානනීය වැඩසටහන්වලට ඇවිත් බ‍්‍රහ්ම ටෝක්ස් දාන නළු නිළියෝ දිහා බැලූවහම මේවා පෙන්වන එවුන්ට මැන්ටල් ද කියලා හිතෙනවා. උන්ට නෙමෙයි මැන්ටල්! මේවා බලන උන්ටයි මැන්ටල්!

ඉතින් මේ මං කියන කැලෑවේ තියන ෆයිව් ස්ටාර් හොටෙල් එකට නිතර දෙවේලේ එනවා එක එක හයි ෆයි මෑන්ස්ලා….! ඔන්න දවසක් කැලෑවේ ටීවී චැනල් එකක අයිතිකාරයෙක් වූ තඩි කොටියෙක් සිය පවුලත් එක්ක ස්විමිං පූල් එකේ ජොලියක් දාලා යන්න ආවා! ටීවී අයිතිකාරයා ෆැමිලි එකත් එක්ක පූල් එකේ නාලා ලන්ච් එක ඕඩර් කෙරුවා! ෆයිව් ස්ටාර් ලන්ච් එකක් කියන්නේ ඉතින් දන්නවනේ! ෆ‍්‍රයිඞ් රයිස් විත් ප්‍රෝන්ස්, මට්න් බිරියානි, ඩෙවල් ක‍්‍රැබ්ස්, මට්න් සුප් විත් බ්‍රෙඞ් ඇන්ඞ් බටර්! ටීවී කොටියාට මෙනූ එක කියවාගන්න පැය භාගයකට වැඩිය ගියා.

‘‘හ්ම්…. මට එළු කටු සුප් එකක් ගේනවා! ඔයාලට ඕන දේවල් ඕඩර් කරලා ගෙන්නා ගන්න.’’

පැය භාගයක් විතර යනකොට ක්ලීන් සූට් එකක් ගහපු කිඹුල් වේටරයෙක් කිලෝ 2 ක විතර එළු කටු දාපු සුප් බාල්දියක් වීල් බැරැක්කයක තබාගෙන විත් ටීවී ඕනර් කොටියාට පිළිගැන්නුවා!

,ශදම අ්බඑ ්බහඑයසබට ිසර’’ තෑන්ක් යූ, තෑන්ක් යූ…. මේ ඇති!”

කිඹුල් වේටරයා නොහොත් ඇලිගේටරයා එතැනින් මාරු වුණා! සුප් එක අදින ගමන් කොටියාට පෙණුනා ෆයිව් ස්ටාර් හොටෙල් එකේ ආප්ප කොත්තු ගහන නියම බඩුවක්! මේ හෝටලේ චීෆ් චෙෆ්! ‘‘අඬේ අප්පා! මූ මාර වැඩකාරයෙක් නේ! මටත් ඕනෑ මූ වගේ පොරක්! මෙහෙම ආප්ප, කොත්තු ගහනවා වගේ පට් පට් ගාලා චැනල් එකේ ප්‍රෝග‍්‍රෑම් කරන්න පුළුවන් බඩුවක්! කොටි ටීවී එකේ ඕනර් ට මේ ෆයිව් ස්ටාර් හොටෙල් එකේ චීෆ් චෙෆ් හැටියට වැඩ කරන එළුවාට හිත ගියා! එවේලේම වේටර්

ඇලිගේටරයාට කතා කරලා මෙසේජ් එකක් ඇරියා. මොකවත් අප්සෙට් එකක් ගිහිල්ලාවත් ද බය වුණ එළු චෙෆ් යටි රැවුලත් අත

ගාමින් චැනල් අයිතිකරයා ළඟට ආවා! ‘‘එක්ස් කියුස් මී සර්! මං චීෆ් චෙෆ් පැදුරු එළුවා!”

”හ්ම්… මාව දන්නවාද?”

”දැකලානං පුරුදුයි වගේ…. සර් කවුද?”

”මං තමයි මඤ්ඤං ටීවී එකේ ඕනර්! අයිතිකාරයා! තමුසේ වැඩ කරන හැටි දැක්කම මට හිතුනා තමුසේ වගේ කෙනෙක් මගේ ටීවී එකට සම්බන්ධ වෙනවා නම් අපිට හුඟාක් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා! කැමැති නැද්ද අපේ චැනල් එකට ජොයින් වෙන්න!”

”සමාවෙන්න සර්! චැනල් එකක් කියන්නේ ටීවී පෙන්වන එකක් මිසක් ආප්ප, කොත්තු ගහන තැනක් නෙමෙයිනෙ… හොටෙල් එකක් නම් සාම්බාරුව, කිරිහොද්දේ ඉඳලා ඕනෑම කෑමක් හදන්න පුළුවන්!

”මොකක්ද කිව්වේ… සාම්බාරු!? ආන්න…. ආන්න…. අපිටත් ඕනෑ නියමෙට සාම්බාරු හදන බඩුවක් තමා! එනවා මගේ චැනල් එකට… මෙහෙ ගෙවනවා වගේ දහගුණයක් මං ගෙවන්නම්!” ටීවී ඕනර් රැවුල කරකවමින් පැදුරු එළුවා නොහොත් චීෆ් චෙෆ් ට කිව්වා.!

”අනේ මන්දා සර්! මෙහේ හොඳට ගෙවනවා! රිමුනරේෂන් පැකේජ් එක හොඳයි! සර්විස් චාජස්, අවුරුද්දකට දෙපාරක් බෝනස්! මෙඩිකල් ෆැසිලිටීස් ඔක්කොම බැලූවහම මාසෙකට ලක්ෂ 5ක් විතර වෙනවා.”

”කෙහෙල් මල! ලක්ෂ 5 ක් මොන බම්බුවද අයිසේ……! මං තමුසෙට දෙන්නම් 5ට 50ක්! කොම්පැණි මේන්ටේන් වෙහිකල් එකක්! පදිංචියට ෆුල් ෆර්නිෂ් එයාර් කන්ඩිශන් එපාර්ට්මන්ට් එකක්! කැමැති නම් කියනවා! ජොබ් එක පර්මනන්ට්!”

”සර්, මොකක්ද මගේ ජොබ් ඩිස්ක‍්‍රිප්ෂන් එක”
”හෙහ්! හෙහ්!… තමුසේ මෙහෙ මොනවද කරන්නේ! ආප්ප, කොත්තු ගහන එකනේ… ඕකම තමා එහේ කරන්න තියෙන්නෙත්! තමුසේ මෙහෙ පිටි, අල, ලූණූ, මිරිස්, වට්ටක්කාවලින් ආප්ප, කොත්තු ගහනවා! එහෙට ආවාම කැමරාවෙන්, ලයිට්වලින්, සෙට්වලින්, ඕපාදූපවලින් පිරුණ චිට් චැට් ප්‍රෝග‍්‍රෑම්ස් හදනවා! එච්චරයි.. දෙකම එකයි!” ඇස් දෙකම කරකවා යටි රැවුල අත ගෑ පැදුරු එළුවා ෆයිව් ස්ටාර් හොටෙල් එකට පොල්ල දමා මඤ්ඤං ටීවී එකට එන්න කැමැත්ත පළ කළා.සුමානයකින් චීෆ් චෙෆ් මඤ්ඤං ටීවී එකේ චැනල් හෙඞ් හැටියට වැඩ භාරගත්තා! අර්තාපල්, කැරට්, අමු මිරිස්, කොච්චි වගේ ඇඹිතිලි කෙල්ලන් දාගෙන එක එක රහට එක එක නමින් ප්‍රෝග‍්‍රෑම්ස් නොහොත් කොත්තු ගහන්න පටන් ගත්තා. මොන රහට හැදුවත් මොන නමින් හැදුවත්, හැබැයි ඒ ඔක්කොම සාම්බාරු තමා!.

වැඩි දොහක් ගියේ නෑ… වනාන්තරයේ ටීවී බලන එවුන් චැනල් එකට බාල්දි දාන්න පටන් ගත්තා. ”යකෝ! මූ අපේ භාෂාවට, සංස්කෘතියට, සදාචාරයට විතරක් නෙමේ ජීවත් වීමටත් කිංඩිය දානවනේ කියලත් මඤ්ඤං ටීවී ඕනර් ට පෙත්සම් ගහන්න පටන් ගත්තා. විරෝධය පළ කරන්න පටන් ගත්තා… එන්න එන්නම වැඩි වුණ මේ විරෝධතා, උද්ඝෝෂණ නවත්වන්න බැරි වූ තැන වනාධිපති සිංහරාජ උන්නාසේ මඤ්ඤං ටීවී එකේ ලයිසන් එක කැන්සල් කළා…. අන්තිමට එළුවාට හොටෙල් රස්සාවත් නැතුව ගියා. චැනල් එකේ රස්සාව නැතුව ගිය තැන එළුසන් නොහොත් පැදුරු එළුවා දේශපාලකයෙකුට අයිති ලොන්ඩරියක රස්සාවට ගියා.

ආදර්ශය: ආප්ප, කොත්තුකාරයෝ ටීවී චැනල්වල ඉහළ තනතුරුවලට ආවාම ඒවා වසා දමන්නට සිදු වේ.

සරත්චන්ද්‍ර පත්ත`ඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment