මට ඉගැන්වූ මාව බලාගත් ගුරු මව්පියවරු සියලූ දෙනාට ස්තුති කරනවා – A – නවයක් ගත් දෑත් දෙපා දුබල දෙව්මි

629

දෛවය අනුව උපතින්ම උරුම වූ ශාරීරික දුබලතාවයට අභියෝග කළ දෙව්මි කුලතුංග රාජපක්ෂ දිරිය දියණිය එදා පහේ ශිෂ්‍යත්ව කඩඉම ඉහළින්ම ජයගෙන මෙදා සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ නමයක් ලබා ගනිමින් විශ්මයජනක ජයග‍්‍රහණයකට උරුම කියන්නට සමත්වූයේ සම්පූර්ණයෙන්ම නිරෝගිමත් සිය`ඵ දරුවනට මහඟු ආදර්ශයක් ලබාදෙමිනි. ඇයට මෙම ජයග‍්‍රහණය ලබන්නට පසුපසින් සෙවනැල්ල මෙන් සිටියේ ආදරණීය මව්පියන් හා බාල සෙහොයුරන් දෙදෙනාය. ඉනෙන් පහළ අප‍්‍රාණික දෙපා පමණක් නොව දුබල දෙඅත්ද උරුමව රෝද පුටුවකට සීමාවී සිටියද ඇය සැලූනේ නැත. සැහැල්ලූවෙන් නොපසුබට උත්සාහයෙන් ජීවිතයට මුහුණ දුන්නාය. ඇය ඉගෙනුම් කටයුතුවලට මෙන්ම බාහිර සාහිත්‍ය තර`ග ආදියෙන්ද සහතික දිනා තිබේ.

මට ඉගැන්වූ මාව බලාගත් ගුරු මව්පියවරු සියලූ දෙනාට ස්තුති කරනවා - A - නවයක් ගත් දෑත් දෙපා දුබල දෙව්මි

දික්වැල්ල ප‍්‍රාදේශීය වසමේ රත්මලේ කටුකුරුදුගහහේන ලිපිනයේ පදිංචි දෙව්මිගේ පියා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මාතර අඩවි වන කාර්්‍යාලයේ සේවය කරන කේෂ්ත‍්‍ර නිලධාරියෙකු වන මහින්ද කුලතුංග රාජපක්ෂ මහතාය. මව ඇය ඉගෙනුම ලබන පාසලේම ගුරුවරියක වන කුසුමිණි අබේගුණවර්ධන මහත්මියයි.

දිනුක රාජපක්ෂ හා සිතුක රාජපක්ෂ යනුවෙන් බාල සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව තිබීම විශේෂත්වයකි. දෙව්මි දියණිය හැඟීම්බරව මෙසේ පැවසුවාය. ‘‘අධිෂ්ඨානය තියෙනව නම් ඕනම අභියෝගයක් ජයගන්න පු`ඵවන් කියල තමයි මම හිතන්නේ. අම්මයි තාත්තයි නැත්නම් මට ජීවිතයක් නෑ. ඒවගේම හො`ද සහෝදරයෝ දෙන්නෙක් ලබන්න මම පිං කරල තියෙනවා. ඒ අය වෙනුවෙන් මට තියෙන ආදරේ කියන්න වචන නෑ.

මම උපකාරක පන්තිවලට ගියේ නෑ. පාසලේදී හො`දට ඇහුම්කම්දීල ගෙදර වැඩ එදිනෙදා හරියටම කළා. ඉදිරියේදී වාණිජ අංශයෙන් උසස් පෙළ කරල දිවයිනෙන් වැඩිම ලකුණු ගත් පස්දෙනා අතරට එන්න බලාපොරොත්තු වෙනවා. රූපවාහිණිය නැරඹුවා. මල්ලිලා සම`ග චෙස්, කැරම් වගේ ක‍්‍රීඩාවල නිරත වුණා. ඒඅය සම`ග හිනාවෙමින් සතුටින් සිටියා. පාසලේ හිටපු විදුහල්පති ටී.ජී. ආරියසේන හා වර්තමාන විදුහල්පතිනි රසිකා අබේවර්ණ මහත්ම මහත්මීන් ඇතු`ඵ පළමු වසරේ සිට අද දක්වා මට උගන්වලා විතරක් නොවයි මම බලාගත් ආදරණිය ගුරු මව්පියවරුන් සිය`ඵ දෙනාටත්, මගේ සහෝදරයෝ වගේ උදව් උපකාර කළ ආදරණීය යහ`ඵ යෙහෙළියන් සිය`ඵ දෙනාටත් ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

නිමල් හේමසිරි – රදම්පල
 

advertistmentadvertistment
advertistmentadvertistment