”මට ඌ ගහනවා ඌ මට ගහනවා”

320

විනෝදසමයෙන් රටටම සිනහව දුන් බර්ටි ගුණතිලක දිවි සැරිය  නිම කරයි

වසර 64 ක් ගුවන් විදුලියෙන්, පුංචි තිරයෙන්, වේදිකාවෙන් විනෝද සාගරයක් මැවූ තුන් කට්ටුවේ අවසන් පුරුක වූ ප‍්‍රවීණ ප‍්‍රහසන රංගධර බර්ටි ගුණතිලකයන් ඊයේ (06 වැනිදා* උදෑසන තම දිවි සැරිය නිම කළේය.

මියයන විට 97 වැනි වියේ පසු වූ බර්ටි ගුණතිලක මහතා ¥ දරුවන් සිව්දෙනකුගේ දයාබර පියාණන් විය.

බර්ටි ගුණතිලකයන් ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් විකාශය වූ ‘විනෝද සමය’ තුළින් මැවූ ප‍්‍රහසන රංගනයන් මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමන්දානන්දයට පත් කළේය.

අදටත් මේ තුන්කට්ටුවේ ප‍්‍රහසන රංගනයන් සහිත ‘විනෝද සමය’ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවය හා ජාතික රූපවාහිනිය මගින් ප‍්‍රචාරය වෙයි.

කලක් තිස්සේ රෝගාතුරව සිටි බර්ටි ගුණතිලක මහතා සතියක් පමණ කහවත්ත මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ උදේ අභාවප‍්‍රාප්ත විය.

දශක 6 කටත් අධික කාලයක් තිස්සේ රටම සිනහ ගැන්වූ මේ සොඳුරු කලාකරුවා තම ¥ දරුවන්ගේ රැුකබලාගැනීම් මැද ජීවිතයේ සැඳෑ සමය ගොඩකවෙල ඇමිටියගොඩ ගැමි පරිසරයේ ගත කළේය.

මුලින්ම ගුරුවරයකු ලෙස කටයුතු කළ බර්ටි ගුණතිලක මහතා පසු කලෙක ගුවන් විදුලි ශිල්පියකු ලෙස කලා ජීවිතය ආරම්භ කළේය.

ජනාධිපති සම්මානයෙන් ද පුද ලද බර්ටි ගුණතිලක මහතාගේ අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව පවුලේ ඥාතීහු ‘දිවයින’ට පැවසූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සමරවීර නිරෝෂන් – කහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment