මට ඕන වුණේ සමාජයට පණිවිඩයක් දෙන්න

541

”ඇත්තටම මේ වෙලාව කතා කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මගේ මව මිය ගිහින් පැය කිහිපයකින් ආදාහනය කළා. මට මූණ බලාගන්න පුළුවන් වුණෙත් පොඩි වෙලාවකට විතරයි. අනපේක්ෂිත ලෙසින් මගේ අම්මගේ වෙන්ව යෑම තවමත් විශ්වාස කරන්න සහ ඒ වේදනාව දරා ගන්න අමාරුයි. කොහොම උනත් මම මේ වචන ටික කතා කරන්නේ මට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන්. මම ඒක සමාජ මාධ්‍යයට වීඩියෝ එකක් දාලා කිව්වෙත් කොරෝනා අපේ ආදරණීයයන්ගේ ජීවිත බිලි ගන්න පටන් අරන්, මේ මොහොතේ හැමදෙනාම ආරක්ෂා වෙන්න කියන එක.
 
 ජනප‍්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන ගයාත‍්‍රී ඩයස්ගේ මව කොරෝනා ආසාදනය වීම නිසා පසුගිය 13 වැනිදා අභාවප‍්‍රාප්ත වූවාය. ඒ සම්බන්ධව කනගාටුව ප‍්‍රකාශ කිරීමට දුරකථනය ඔස්සේ අපි ඇයව සම්බන්ධ කරගතිමු. සුහද කතාබහකට අවස්ථාව නොවූවත් ඇගේ මවගේ වියෝව හා කොරෝනා සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ගයාත‍්‍රී අප සමඟ බෙදා ගත්තාය.
 
 ”මගේ අම්මා හෘදයාබාධයක් නිසා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් හිටියේ. දින කිහිපයකින් සුව අතට හැරෙමින් තිබියදී හදිසියේ නැවත ශ්වසන අපහසුතාවක් ඇති වුණා. පසුගිය 13 වැනිදා කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අනපේක්ෂිත ලෙස දැඩි සත්කාර ඒකකයේදීම මගේ අම්මා මිය ගියා.
 
 මවගේ අභාවය පිළිබඳව සමාජ මාධ්‍යයට නිකුත් කරලා තිබුණ වීඩියෝ එක ගැන මේ දවස්වල විවිධ මත පළවෙනවා.
 
 මම මේ වෙලාවේ ඉන්නේ මගේ අම්මගේ වෙන්ව යාමත් එක්ක ලොකු වේදනාවකින්. ඇත්තටම මට සෝෂල් මීඩියාවලින් ජනප‍්‍රිය වෙන්නවත් පත්තරේකට ඉන්ටර්විව් එකක් දෙන්නවත් පුළුවන් කමක් නෑ. අවශ්‍යතාවයකුත් නෑ. හැබැයි එහෙම තියෙද්දිත් මට අවශ්‍ය වුණේ මට ආදරය කරන හැමෝටම පණිවුඩයක් දෙන්න. සමහර අය පුද්ගලික ව කතා කරලා මගෙන් වුණ දේ අහනවා. කනගාටුව ප‍්‍රකාශ කරනවා. ඒ හැමෝම එක්ක කතා බහ කරන්න මට අපහසුයි. ඒ හැම දේටම පිළිතුරක් විදිහට තමයි ඒ වීඩියෝ එක දැම්මෙ.
 
 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment