මට ගැහුවොත් ප‍්‍රති ප‍්‍රහාර දරුණුයි – ආණ්ඩු පක්‍ෂයට ලන්සාගෙන් සද්දයක්

554

අමාත්‍යාංශයට නොයන කරුණු 7 ක් ජනපතිට කිව්වා

ප‍්‍රතිප‍්‍රහාර දරණු විය හැකි බැවින් තමන්ට ප‍්‍රහාර එල්ල කිරීමට සුදානම් නොවන්නැයි තමන් තම ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන්ට කියා සිටින බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) කියා සිටියේය.

මට ගැහුවොත් ප‍්‍රති ප‍්‍රහාර දරුණුයි - ආණ්ඩු පක්‍ෂයට ලන්සාගෙන් සද්දයක්

මේ අතර සිය රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතු වූ ගැටලූ හතරක් සම්බන්ධයෙන් වාර්තාවක් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදුන් බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) සඳහන් කළේය.

ඒ පිළිබඳ අවධානය යොමුකොට ජනාධිපතිවරයා තමන්ට සුබදායක විසඳුමක් ලබාදෙනු ඇතැයිද අපේක්‍ෂා කරන බව ද හෙතෙම ඊයේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් කීය.

පසුගිය දවස්වල තමන්ට මුහුණදීමට සිදුවූ නින්දා එල්ලවූයේ තම පක්‍ෂයේ අයගෙන් යැයිද ලන්සා මහතා චෝදනා කළේය.

කෙසේවෙතත් ජනතාවට ජීවත්වීමට ඔක්සිජන් අවශ්‍ය නැතැයි කී දේශපාලනඥයන් තමාට එරෙහිව සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය දිනවල නිහ`ඩව සිටියේ තම ප‍්‍රශ්නවලට වඩා ජනතාවට විශාල ප‍්‍රශ්න තිබීමත් එලෙස නිහ`ඩ වන්නැයි තම පාක්ෂික ජනතාව ලබාදුන් උපදෙස් නිසා බවද හෙතෙම කීය.

එවැනි දේශපාලනඥයකුගේ ප‍්‍රකාශයට එරෙහිව ප‍්‍රකාශ නිකුත් නෙකරන ලෙස තම ඡුන්ද දායකයන් ලබාදුන් උපදෙස් නිසාම තමන් එම සිද්ධියේදී අඩියක් පසුපසට ගත් බවද සඳහන් කළේය.

ගසක් බොහෝ වේලාවට ශක්තිමත් වෙනවා වැල් එකතු වුණාම. හැබැයි ඒ සියලූම වැල් නොවෙයි. සමහර වැල් එකතු වුණහම ගස ශක්තිමත් වෙනවා නොවෙයි විනාශ වෙනවා. සමහර වැල් එකතුවෙන්න බලාගෙන ඉන්නවා ගස වටේ. හැබැයි ඒක තමයි විනාශය. ඒ විනාශයට අහුවෙන්න එපා. මොකද සෑම වැලම ගස ආරක්‍ෂා කරන්නේ නෑ. විශාල ගස් වලට ඒ සමහර වැල් හානියක් වෙනවා යැයි වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment