මට දේශපාලන පක්‍ෂයක් නැහැ: රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි ඕනෑ – දසුන් කියයි

343

තමා කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති බවත් තමාගේ එකම අභිප්‍රාය රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

තමාගේ රූපය දේශපාලන පක්‍ෂයක ප්‍රචාරණයක් සමග සංසරණය වීම සම්බන්ධයෙන් දසුන් එම ට්විටර් පණිවිඩය නිකුත්කර ඇත.

එහි මෙසේ දැක්වේ.

‘දේශපාලන පක්‍ෂයක ප්‍රචාරණයක් සමග මගේ රූපය සංසරණය වෙනවා මම දැක්කා. මට කිසිම පක්‍ෂයකට ආසාවක් නැහැ. එහෙමත් නැත්නම් තානාපතිවරයෙක් විදිහට සහභාගි වෙලත් නැහැ.’

දසුන් ශානක මේ වනවිට අයි පී එල් පන්දුවාර 20-20 තරගාවලියට එක්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment