මට නිදහස ලැබේවි – රන්ජන් ඊයේ කියයි

785

තමන්ට නිදහසක් ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් සිටින බව ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (18දා) කියා සිටියේය.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය කරා රැගෙන යද්දී මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් රන්ජන් රාමනායක මහතා මෙසේද කියා සිටියේය.

“මං හැමදාම ඉන්නෙ මහජනතාවගේ පැත්තේ. මට ළඟදීම නිදහසක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. හොරකම් කරපු නිසා ගෝඨාභය මහත්තයට යන්න වුණා. එළියට ඇවිත් මං කාගෙවත් පැත්තෙ හිටගන්නේ නැහැ. මං හැම වෙලාවෙම ඉන්නෙ මහජනතාව එක්ක. එයාලගෙ පැත්තෙ”

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment