මට මෙවැන්නක් කළ දෙවැන්නා ඔහුයි

525

තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා ඊයේ (25 දා) ‘දිවයින’ට කියා සිටියේය.

තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් එම ප‍්‍රබල දේශපාලනඥයා සඳහන් කළේය. ආණ්ඩුවේ බලවතකුගේ වැටුපෙන් ‘ලොකු’ ගේමක් දීලා’ මැයෙන් ‘දිවයින’ පුවත්පතේ ඊයේ (25 දා) පළ වූ ප‍්‍රධාන පුවතට සම්බන්ධ එම ප‍්‍රබල දේශපාලනඥයා මෙසේ ද සඳහන් කළේය.

මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා. බලවතා ‘දිවයින’ට කතා කරයි

මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා ¥ෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි ද සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment