‘මට ම කියලා මගේ ෆැමිලි එකක් සහෝදර සහෝදරියෝ නෑ මචං’ – සංජීව් ලෝන්ලියෙස්

370

අමු කල්චර් එකට පට්ට රහක් දෙන කෙමෙස්ට්‍රි සර්….
ඉස්කෝලෙක රැස්වීමකවත් සින්දු කිව්වේ නෑ
….

අද දවසේ අපේ කථාබහ වෙනස් වැඩක් කරපු කොල්ලෙක් එක්ක. මොහු නමින් සංජීව් ලෝන්ලියෙස් සංජීව් ලෝන්ලියෙස්. ඔහු තමයි ‘අමු මියුසික් කල්චර්. කියන කන්සෙප්ට් එක නිර්මාණය කළේ. අමු සින්දුවලට කැමැති අය එහෙමත් නැතිනම් අමු සින්දුවක් අහලා තියෙන අය අපි මේ කියන චරිතය පිළිබඳව දන්නවා. නැත්නම් ඔයාලට මතකද මීට කලකට ඉස්සර කරළියට ආව කට්ට කාලා දාගත්තු කෙල්ල යාළු කියලා සින්දුවක්. අන්න ඒක කිව්වෙත් සංජීව් ලෝන්ලියෙස්. ඉතිං අද අපි කතා කරන්න යන්නේ අමු මියුසික් කල්චර් එක ගැන වගේම සංජීව ගැන.

‘මට ම කියලා මගේ ෆැමිලි එකක් සහෝදර සහෝදරියෝ නෑ මචං' - සංජීව් ලෝන්ලියෙස්

මොකක්ද මේ අමු මියුසික් කල්චර් එක” ‘අමු මියුසික් කියන්නේ සංගීතමය උප සංස්කෘතියක මූලික අවස්ථාවක්. මේ කියන අමු සංගීත සංස්කෘතිය ශ්‍රී ලාංකිකයි. ඒ වගේම ස්වභාවිකයි. ඕක තමයි මේකෙ තියෙන විශේෂත්ව ය.

මේක ඇතුළෙ කිසිම කෘතිම සද්ද බද්දයක් නැහැ. මිනිස් ස්වර තන්ත්‍ර බිහිවෙන හඬතමා මේ සංගීතය ඇතුළෙ තියෙන්නේ. ස්වභාවික බිහිවෙන සංඛ්‍යාත කිසිම තාක්‍ෂණික වෙනස්කමකට භාජනය නොකර මේ සංගීය ඇතුළේ ඉදිරිපත් කරනවා. මොහුගේ මෙම අමු මියුසික් කල්චර් එක විද්‍යාත්මක පරිච්ඡේදයක්.

සංජීව්ගේ සංගීතය ඇහැව්වොත් ඔබට තේරෙයි සීමිත කෝඩ් දෙක තුනක් අස්සේ ගොතපු සංඛ්‍යාත ටිකක් එක්ක තමයි මේ වැඩේ කරන්නෙ කියලාි කටහඬ මික්ස් කරලා එඩිට් කරලා ගත්තු කෘතිම සින්දු නෙමෙයි මේවා ඇත්ත ම කතාව. මේවා පට්ට සින්දු. නිවාඩු පාඩුවේ ඇහැව්වොත් කනට ගැහැව්වා වගේ වදිනවා.

මේ කල්චර් එක ගැන කතා කළොත් සංජීව්ට දෙන්න තියෙන ඉඩකඩ මදි වෙනවා.

කුරුණෑගලින් හෙන ඈත ගමක තමයි සංජීව් ජීවත්වුණේ. මිනිහා පුංචි පන්තිවල ඉන්න කාලේ ඉස්කෝලෙක රැස්වීමකටවත් සින්දුවක් එහෙම වැඩිය කියලා නෑ. ටීචර් කෙනෙක් කිසිම තරගයකටවත් සංජීව් ව ඉදිරිපත් කරලා නෑ. අප්පච්චි ෆුට් බයිසිකලයෙන් එක්ක ගිහින් මිනිහට හොඳට ඉගැන්නුවා. ඒ කාලේ ගමක දෙමවුපියෝ දන්නේ ජීවිතේ දිනන එකම මඟ අධ්‍යාපනය කියලා විතරයි. ඒ හින්දා සංජීව්ට ඉගැන්නුවා. සංජීව මාර මහන්සියෙන් A 9 ක් ගත්තා.

‘මට ම කියලා මගේ ෆැමිලි එකක් සහෝදර සහෝදරියෝ නෑ මචං' - සංජීව් ලෝන්ලියෙස්

“අප්පච්චිගේ ෆුට් සයිකලේ ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන බාටාකෑලි දාන් කැම්පස්වල ඇවිදලා, ගැවසිලා, නැඟිටලා සොසයිටියට බැහැපු ස්වාධීන රසායනවිද්‍යා ගුරුවරයක්. සුන්දර නෑ මචං මේ ගමන සංජීව් හඬ අවදි කළේ ඔන්න ඔහොම.

සංජීව් ඉස්කෝලෙ ගියේ ශාන්ත ආනා විද්‍යාලය ට. ඔහු නිර්මාණය කළ කලීෆා, පිහිතුඩෙන් ආදරයේ ලිව්වේ, යකඩ මනමාලී වගේ ගීත බොහොම තදින් හදවතට දැනෙන සින්දු. ඔහු කරපු ‘සිරස බිම වැටුණා’.’ ගීතය රචනා කළේ රත්න ශ්‍රී විජේසිංහයන්.

“මම Alevel කරන කාලේ අපේ ගෙවල් ළඟට සුද්දෙක් වගේ වයසක පොරක් ආවා. මිනිහා හැමදාම හවස 3ට ගිටාර් ප්ලේ කරනවා. මම ආසාවට පොර ළඟට වෙලා ෆුට් සයිකලේ උඩ ඉඳන් ඒවා අහගෙන ඉන්නවා. මම දවස් තුනක් ගියා ගිටාර් ඉගෙන ගන්න. දවස් තුනේම ඇයි ආවේ කියල අංකල් මගෙන් ඇහැව්වා. උඹලට මොන ගිටාර් ද බං කියලා මාව බැනලා එලවා ගත්තා. ඉංග්‍රීසියෙන් විතරයි මිනිහා කතා කළේ.

අන්තිමේ හතර වැනි දවසේ යද්දී මිනිහ කිව්ව කතාවෙන් මට මෑන් වීරයෙක් වුණා. උඹට උණ තියෙනවද බැලුවේ මං. දවස් තුනක් එලවලත් හතර වැනි දවසේ එනවද කියලා බැලුවේ අන්තිමේ පට්ට වෙස්ටර්න් ගිටාර් ලෙසන් එකක් මට කියලා දෙනවා.

මම මාර සතුටුවෙලා යන්නං අංකල් බොහොම ස්තුතියි කියද්දී අංකල් කියනවා ආයෙ මෙහ ගිටාර් ඉගෙන ගන්න එන්න එපා” එනවා නම් මෙතැනි අනුන්ගේ සින්දු කියන්න එන්නත් එපා. උඹේ ම සින්දුවක් ලියාගෙන ඒකට මෙලඩියකුත් දාගෙන එන්ඩ.

ඇත්තට ම මට මාර අවුලක් ආවෙ. ගෙදර ඇවිත් මම දහඅතේ කල්පනා කළා. අංකල් එක්ක ගිටාර් ඉගෙන ගන්න තියෙන උණ නිසා ම මම සින්දුවක් ලියාගෙන අංකල්ගාවට ගියා. මෙලඩියකුත් දාගෙන. අංකල් මාර විදිහට සතුටුවෙලා වැඩේ අඩුපාඩුටික හදලා කියලා දීලා මාර සපෝර්ට් එකක් දුන්නා.

ආයෙ ආයෙමත් හැමදාම තුනට සින්දුවක් ප්‍රැක්ටිස් කරන් ඕන හින්දා හැමදා ම මම සින්දුවක් ලියාගෙන අංකල්ගේ ලොබියට ගිහින් ගිටාර් ඉගෙන ගත්තා.

“ඇත්තට ම මචං මම දැන් තමයි දන්නේ ඒ කියලා දුන්නේ Voice training කියලා. අන්න මචං එඩියුකේෂන්. ඒ අංකල් තමයි රෝයි වැලිකල. අර කට්ට කාපු පොඩි කොල්ල තමයි මචං මම. (සංජීව් ලෝන්ලියෙස්)

දැන් මගේ ළඟට ඪදසජැ Voice trainingවලට එන සහ ආපු උන්ට මාත් රෝයි අංකල් වගේම තමා කරන්නේ. උන් පස්සෙ දැනගනී ඒ මං උන්ට කළේ Voice Training කියලා. සංජීව් ලෝන්ලියෙස් කිව්වහම ගොඩක් දෙනා අහනවා මං බර්ගර් ද මං ක්‍රිස්තියන් ද මං බුද්ධාගම ද කියලා. උඹ මොකෙක්ද කියලා. මචං මම මනුස්සයෙක්. මේ නේචර් එක අදහන. ඒ වෙනසට එකම හේතුව මං හිතන්නේ මේ කල්චර් අත්දැකීම් ටික. මං හරි ආසයි ඒකට. අමුතු මිනිස්සුන්ගෙන් අපිට බොහෝ දෑ ඉගෙන ගන්න තියෙනවා මචං. උන් පිස්සෝ නෙමේ උන් වෙනස් විදිහට හිතන උන්.

සංජීව් ලෝන්ලියෙස් ගේ කතාව හරි දිගයි. ඔහුත් එක්ක කතා කරපු පුංචි වෙලාව ඇතුළෙ වුණත් කියැවිච්ච ගොඩක් දේවල් ලියන්න මේ ඉඩකඩ මදි.

කලීෆා, යකඩ මනමාලී, අපිත් යනවා දවසක, ලී දඬුවේ, සිරස බිම වැටුණා, කන්‍යාවි, කහ කුඩේ වගේ අමු සින්දු අහන්න කැමැති අයට මේ ගීත ගැන අපි වෙනම කතා කළා. නමුත් අදට ඒවා ගැන කියන්න ඉඩක් නෑ. මේ අර්බුදය ඇතුළෙ අපෙත් ඉඩකඩ සීමාවෙලා හින්ද අන්තිමට මෙහෙම කියල ම නවතින්නම්.

රැල්ලට ගීත හැදෙන කාලේ ඒ රැල්ලට මිලියන ගණන් ලයික් ලැබෙන කාලෙක, එළිමහනේ දී වගේම ගෘහස්ථ ප්‍රසංගවල දී ඒ ගීතවලට ම ලක්‍ෂ ගණනින් මිලියන ගණනින් ආර්ථික වටිනාකම් දෙද්දී අරමුණට වටිනාකමක් දෙන සංජීව ගැන වචන ටිකක් නොලිව්වොත් අපිත් කරන්නේ ලොකු අඩුවක්. ඒ ගැන හිතලමය, සංජීව්ට මේ ඉඩකඩ දුන්නේ.

දිනේෂ් විතාන
ඡායාරූපය – තිලාන් වන්නිනායක

advertistmentadvertistment
advertistmentadvertistment