මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑවා

368

රාගිනි සහ ළංවී ටෙලි නාට්‍ය ද්විත්වය නරඹන ඔබට රසංගා සහ මිහිරි චරිත දෙක නුහුරු නැතිව ඇති’ වේදිකාවෙන් රංගනයට මග විවරකරගන්නා වගීෂා සල්ගාදු මියුසික් වීඩියෝ” චිත්‍රපට වගේම වෙළෙඳ දැන්වීම්වලිනුත් ඇයගේ රංගන හැකියාව අපූරුවට විදහා දැක්වූවා’ මේ වගීෂාගේ අලුත්ම තොරතුරු දැනගන්න මීවිත කළ කතාබහ’

රාගිනි සහ ළංවී ටෙලි චරිත දෙකට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?

ඇත්තටම කියන්න සතුටුයි” චරිත දෙකටම හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනව’ නිහතමානීව ඒ හැම ප්‍රතිචාරයක්කම බාර ගන්නවා’

එකවර චරිත දෙකකින් දකින්න ලැබීම අවාසියක් නේද?

මම එහෙම හිතන්නෙ නැහැ’ මොකද චරිත දෙක දෙවිදිහක්’ මේ චරිත දෙක බාරගැනීමේදීත් මම ගොඩක් සැලකිලිමත් වුණා’ මොකද එකම වෙලාවක චරිත දෙකක් නිරූපණය කරද්දි රසිකයන්ට මාව එපාවෙයිද කියල’ නමුත් එමෙ වුණේ නැහැ’ මම හිතුවටත් වඩා අති සාර්ථක විදිහට රසිකයන් ඒ චරිත දෙකම වැළඳ ගත්තා වගේම ගොඩක් අගය කළා’ මේ දෙයින් සිදු වුණේ මගේ හැකියාවන් පෙන්නන්න අවස්ථාවක් ලැබීම’

මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑවා

වැඩි ප්‍රතිචාර රසංගාට ද මිහිරිට ද?

ඒ දෙන්නටම පනහට පනහ කිව්වොත් හරි’ මොකද දෙන්නටම එක වගේ ප්‍රතිචාර ලැබෙනව’

වගීෂා මේ දෙන්නගෙන් කවුරු වගේද?

වගීෂා කියන්නෙ මේ දෙන්නාටම වඩා ජීවිතය ගැන හිතන” වෙනස් කෙනෙක්’ රසංගා වගේ ගොඩක් අහිංසකත් නැහැ” මිහිරි වගේ ගොඩක් දඟත් නැහැ’

ඔබ වෘත්තියමය නිළියක්?

ඔව්’ මේ වෙද්දි මම වෘත්තීයමය රංගන ශිල්පිණියක්’ ඒ වගේම රංගනය වෘත්තිය හැටියට තෝරාගත්ත එක ගැන මම ආඩම්බර වෙනව’

අධ්‍යාපය කටයුතු අවසන් කළාද?

නැහැ’ මම තවම අධ්‍යාපන කටයුතු කරනව’ මේ වන විට විශ්ව විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරල තියෙනව’ මනෝ විද්‍යාව සහ නීතිය යන විෂයයන් තමයි හදාරන්නෙ’

රංගනයට ගෙදරින් තහංචි නැද්ද?

අනේ නැහැ’ අම්මයි තාත්තයි මගේ වැඩවලට උපරිම සහයෝගය ලබා දෙනව’ ඒ නිසා මං හරිම වාසනාවන්තයි’

සුලෝ ටීචර් ජීවිතේ ලොකු වෙනසක් කළාද?

ඇත්තටම ඔව්’ සුලෝ ටීචර් චරිතය කරනකොට මට වයස අවුරුදු දහ අටයි’ එච්චර අඩු වයසකින් ගුරුවරියකගේ චරිතයක් කරල ප්‍රේක්‍ෂකයන්ගේ අවධානය දිනාගත්ත එක මටත් හිතාගන්න බැරි වුණා’ මේ චරිතය කරන්න කලින් මම මියුසික් වීඩියෝ” චිත්‍රපට” වෙළෙඳ දැන්වීම් කරපු කෙනෙක්’ නමුත් කෝටිපතියෝ නාට්‍යයෙන් පස්සෙ ටෙලි නාට්‍යයකින් ජනප්‍රිය වුණේ සුලෝ ටීචර් චරිතයෙන්’ ඒ නිසා ඇත්තටම ඒ චරිතය මට සුවිශේෂියි’

දැන් මියුසික් වීඩියෝ වලට ආරාධනා නැද්ද?

ද වොයිස් ටීන් තරගකරුවෙක් වන හේසර බණ්ඩාරගේ ‘අක්කට තිස්නවයයි’ කියන ගීතයේ මියුසික් වීඩියෝ එක ළඟදි එළිදැක් වුණා’ ඒ වගේ තව දෙකතුනක් ඉදිරියේදී එන්න තියෙනව’

සිනමාව ගැන කිව්වොත්?

තාල සහ පහ සමත් යන චිත්‍රපට දෙකට මම රංගනයෙන් දායක වුණා’ සංජය නිර්මාල් මහත්මයාගේ ප්‍රාණ චිත්‍රපටය තිරගතවීමට නියමිතයි’ ඒ වගේම තව අලුත් වැඩකටත් සම්බන්ධ වෙලා ඉන්නව’

‘ප්‍රාණ’ අත්දැකීම මොන වගේද?

මේ අතිදැකීම හරිම සුවිශේෂියි’ මොකද මෙතනදි පළමුවැනි වතාවට ප්‍රවීණ රංගනවේදී නීටා ප්‍රනාන්දු මහත්මියගෙ යෞවන කාලය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබෙනව’

ඔබට අභියෝගයක්?

ඔව්’ ලොකු අභියෝගයක්’ මොකද මේක ඓතිහාසික කතාවක්’ ඒ නිසා චරිත ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන වගේම යම් කෙනකුගේ තරුණ කාලයක් නිරූපණය කරද්දි ඒ කෙනාව හොඳින් අධ්‍යයනය කරන්න ඕන’ මම හිතනව මෙතනදි මම සාර්ථකයි කියල’

නීටා ප්‍රනාන්දුගේ ප්‍රතිචාරය?

ඇත්තටම එතුමියට හිතාගන්න බැරි වුණා මම ඒ තරම් සාර්ථකව චරිතය කරයි කියල’ මට හරිම ආදරෙයි’ කොතනදි දැක්කත් මාව අගයනව’ ඒ සහයෝගය සහ ආදරය මට ගොඩක් වටිනව’

කැපිලි කෙටිලි බොහොමයි?

කැපිලි කෙටිලි කියන්නෙ කාටත් පොදු දෙයක්’ නමුත් මට ඒක ගොඩක් වැඩි වුණා’ මොකද මගෙ වයසත් එක්ක මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑව’ ඒ දේවල් එක්ක මට චරිතයක් හිමිවෙනකොට කැපිලි කෙටිලි තවත් වැඩි වුණා’ අදටත් එහෙමයි’ නමුත් මම හැමවෙලාවෙම විශ්වාස කරන්නෙ මොන බාධකය ආවත් දක්‍ෂතාවත් එක්ක ලැබිය යුතු කෙනාට ලැබෙනව’

කලාකරුවන්ගේ වටිනාකම හෑල්ලු වෙලාද?

වටිනාකම කියන්නෙ කලාකරුවකුට තමන්ගේ දක්‍ෂතාවත් එක්ක ලැබෙන දෙයක්’ මම කාටවත් චෝදනා කරන්නෙ නැහැ’ නමුත් මේ ක්‍ෂේත්‍රය තුළ අපිට පේනව විවිධ මාධ්‍යන් ඔස්සේ වගේම විවිධ වැඩ හරහා යම් පිරිසක් කලාකරුවන්ගේවටිනාකම විනාශ කරනව’ ඒ අය අතර ලැබිය යුතු වටිනාකම අරගෙන” ඉදිරි අනාගතයේදී තව කෙනෙකුටත් අරගන්න පුළුවන් විදිහට වැඩකරන්න හදන අපි වගේ අයත් ඉන්නව’ අදටත් මම මගේ ගෞරවය රැකගෙන වැඩකරනව’

මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑවා

වේදිකාව අතහැරියද?

වේදිකාව අතහැරල නම් නැහැ’ නමුත් ආරාධනා ලැබුණත් මම ඒවා භාරගත්තෙ නැහැ’ මොකද වේදිකාව කියන්නෙ ලොකු කැපකිරීමක් කරන්න ඕන ක්‍ෂේත්‍රයක්’ දැනට තියෙන වැඩත් එක්ක සම්පූර්ණ අවධානය වේදිකාව වෙනුවෙන් යොදවන්න බැරි නිසයි ඒ ආරාධනා භාර නොගත්තෙ’ නමුත් මම ගොඩක්ම ආදරේ කරන්නෙ වේදිකාවට’ මොන කැමරාව ඉදිරියේ රඟපෑවත් අද මම ගෙනියන්නෙ වේදිකාවෙන් හදාගත්ත ශිල්ප ක්‍රම’ ඒ නිසා ඉදිරියේදී මම අනිවාර්යයෙන්ම වේදිකාවට සම්බන්ධ වෙනව වගේම මට පුළුවන් දේවල් වේදිකාවට ගේන්න සැළසුම් කරගෙන යනව’

ජනප්‍රියත්වය?

ජනප්‍රියත්වය කියන්නෙ කෙනකුට වාසනාව අනුව ලැබෙන දෙයක්’ ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන’ හරියට දෙයක් කරන්න ඕන’ නමුත් මම හැම වෙලාවෙම වැඩකරන්නෙ දක්‍ෂ කලාකරුවෙක් වෙන්න හිතාගෙන මිසක ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙමෙයි’

සමාජ මාධ්‍යයට බයද?

සමාජ මාධ්‍ය හොඳට නරකට දෙකටම ගන්න පුළුවන්’ ඒකට බය නැහැ’ නමුත් මම ඒක පාවිච්චි කරන්නෙ අතේ දුරින්’

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment