මට ලැබෙන්නෙම අම්මාගේ චරිත – මීනා කුමාරි

724

මේ දවස් වල අම්මාගේ චරිතයන් දෙකක් හරහා ඇය බොහොම ජනප‍්‍රියයි. ප‍්‍රවීණයන් සමග මෙන්ම නවකයක් සමගද සුහදව කටයුතු කරන ඇය නවකයන් ගැන ඇතැමුන් නගන චෝදනා දකින්නේ මොන විදිහකටද?. පේ‍්‍රක්‍ෂකයාට ඒකකාරී බවක් දැනෙන චරිතයන් ගැන දරන්නේ මොනවගේ අදහසක්ද?. මේ හැමදේකටම ප‍්‍රවීණ රංගන ශිල්පිණී මීනා කුමාරි මේ විදිහට පිළිතුරු දුන්නා.


 නාඩගම්කාරයෝ සහ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යවල මවගේ චරිතය කොහොමද ඔබට දැනෙන්නෙ?

 මෙතනදි මව කියන තැන ඉඳන් බැලූවාම අම්මා කෙනෙක් හැටියට තමන්ගෙ පවුල තුළ තියෙන ගැටලූ වලට ග‍්‍රාමීය මවක් සහ ගමෙන් ආවත් නගරයට හුරු වුණ මවක් මුහුණ දෙන අයුරු එකිනෙකට වෙනස් විදිහට චරිතයක් හැටියට මට දැනෙනව. මහා ලොකු වෙනසක් නැති වුණත් ඒ කතා තේමාවට ඔබින විදිහට පිටපත් රචකයන් විසින් ගොඩනගල තියෙන ඒ චරිත දෙක ඔවුන් සෑහීමකට පත්වෙන විදිහට මතුකරල ගන්න එක රංගන ශිල්පිණියක් හැටියට මගේ යුතුකම සහ වගකීම කියල මම හිතනවා. ඒ අනුව හැකි උපරිමයෙන් ඒ චරිත වෙනුවෙන් කැපවෙන්න තමයි මම උත්සාහ කරන්නෙ.

 පාඨලීගේ මවට මගතොටදී ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

 පාඨලීගේ අම්මා කියන චරිතයෙන් එහාට ගිහින් ඔහුගේ සැබෑම මව විදිහට දැනෙන බව බොහෝ දෙනෙක් මට කියල තියෙනව. අපිට දැනෙන්නෙ නෑ ඔයා ඒ චරිතය රඟපානව කියල කියන අයත් ඉන්නව. ඉතින් ඒක මට ලොකු සතුටක්. ඇත්තටම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් රඟපානකොට බලාගෙන ඉන්න කෙනාට දැනෙන්නෙ නැත්නම් එක් ර`ගපෑමක් කියල” ඒක තමයි රංගනය කියන්නෙ. එතකොට චරිතය ගැන ප්‍රේක්‍ෂකයා තුළ විශ්වාසයක් ගොඩනැගෙනව. මේ නිසා වෙන්න ඇති ෂූටින්වලට යන අතරතුරත් වාහනය නවත්තන වෙලාවට රසිකයො ඇවිත්” අපි නාඩගම්කාරයො ආසාවෙන් බලනව” මේ මාස්ටර්ගෙ නෝන නේද” අපිට තව කොච්චර කාලයක් බලන්න පුළුවන්ද” කොටස් කීයක් තියෙනවද වගේ ප‍්‍රශ්න ගොඩක් අහන්නෙ.

 සැබෑ දිවියේ මව පාඨලීගේ මවට සමානද?

 ඔව්. බොහෝ දුරට සමානයිි. මං හිතනව තමා තුළ ඉන්න මව” තමා තුළ ඉන්න ගැහැනිය බාගෙට බාගයක් චරිතයට එකතු වෙනව කියල. සමහර විට ඉන් එහාට යන්නත් පුළුවන්. අපේ මුහුණේ ඉරියව් වලින් සහ ශාරීරික අංග චලනයන්ගෙන් පවා අපිට ඒ චරිතය වෙන්කර ගන්න පුළුවන්. කොහොම වුණත් චරිතයක් ර`ගපෑමට පෙර ඒ පිළීබඳව අධ්‍යයනයක් කළ යුතුමයි. විෂයයක් හැටියට රංගනය හදාරපු අය නම් මේ ගැන හොඳට දන්නව.

මට ලැබෙන්නෙම අම්මාගේ චරිත - මීනා කුමාරි

ඔබට ලැබෙන චරිත ගැන අදහස?

 එදා පටන් බොහෝ වෙලාවට මට ලැබුණේ මවගේ චරිත. ඒ ඒ චරිතයට ඔබින විදිහට එකිනෙකට වෙනස් ආකාරයෙන් ඒ චරිත ගොඩනගා ගන්න මට හැකියාව ලැබුණා. මම භාරගත්ත හැම නාාට්‍යයකම ඒ චරිත හරහා යම්කිසි ජනප‍්‍රියත්වයකට පත්වීම ගැන මට සතුටුයි. එදා ඉඳන් කළ රංගනය වෙනුවෙන් පේ‍්‍රක්‍ෂකයන් තැබූ විශ්වාසය බිඳගන්නෙ නැතුව රැුකගන්නත් මම උත්සාහ කරනවා.

 ඊළඟ නිර්මාණය මොන වගේ වේවිද?

 ඔව්… ඉදිරියේදී වෙනස්ම වූ නිර්මාණයකින් පේ‍්‍රක්‍ෂකයන් අතරට එන්න පුළුවන් වේවි කියල මම හිතනව. වෙනස්ම කිව්වේ මවගෙන් නිදහස් වෙලා සිස්ටර් කෙනගුගේ චරිතයක් කරන්න තමයි මට අවස්ථාව ලැබිල තියෙන්නෙ. මේ දවස්වල රූගතකිරීම් කරනව. ඉදිරියේදී හිරු නාළිකාවෙන් විකාශණය වීමට නියමිතයි.

 බොහෝ වෙලාවට ඔබට කටයුතු කරන්න ලැබෙන්නෙ තරුණ පරපුරත් එක්ක. කොහොමද ඒ අත්දැකීම?

 ඇත්තටම අද වෙනකොට මට වැඩකරන්න ලැබිල තියෙන තරුණ පරම්පරාව ගැන මං සතුටු වෙනව. මොකද ඔවුන් ගොඩාක් දක්‍ෂයි සහ ඔවුන් හරි උනන්දුයි. අඩුපාඩු පෙන්වා දුන්නාම ඒවා සකසාගෙන බොහොම ආදරයෙන් එකමුතුකමින් එක පවුලක් හැටියට වැඩ කරනව. ඒ ඒ නාට්‍යයට සම්බන්ධ හැම කෙනාටම ලොකු පහසුවක්.

 ගරු කිරීමක් නැහැ” අවවාදයක් පිළිපදින්නෙ නැහැ වැනි චෝදනා ඇතැමුන්ගෙන් නවකයන්ට එල්ලවෙනවා. ඔබ ඒ චෝදනා පිළිගන්නවාද?

 මෙහෙමයි” තමන් චරිතයක් ලෙස හෝ රංගන ශිල්පියෙක් හැටියට තරුණ පරම්පරාව ආදර්ශයක් මගින් තමයි අවවාදයක් දෙන්න ඕනෑ. ආදර්ශයක් නැතිව අවවාදයක් දීම කවුරුවත් ගණන්ගන්නෙ නැහැ. මගේ කණ්ඩායමේ ඉන්න කිසිම කෙනෙක් වරදක් පෙන්නවා දුන්නොත් කවදාවත් ඒවා පිළිපදින්නෙ නැතිව ඉන්නෙ නෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයත් වෙනස් වෙලා හරි මග යන ගමනක් තමයි තියෙන්නෙ. ඒ වගේ මං එක්ක පළවෙනි වතාවට රඟපෑ නවකයන් අද ඉහළම තැන්වල ඉන්නවා.

 වර්තමානයේ ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රය වල්මත් වෙලාද?

 ඇත්තටම කිව්වොත් ටෙලි නාට්‍ය කලාවට මුකුත් වෙලා නැහැ. නමුත් පිටපත් හරහා රංගන කාර්යයන් වලට තියෙන බාධක” ආර්ථික තත්ත්වයන් වගේ දේවල් මේ ක්‍ෂේත‍්‍රයට බලපානව. මේ අතර වුණත් කලාත්මක නිර්මාණ බිහි නොවෙනව නොවෙයි. නමුත් අද තියෙන ආර්ථික රටාවට හුරුවෙලා අපිට වැඩකරන්න සිද්ධ වෙනවා. මේ නිසා නිර්මාණයන් බිහිවෙනකොට යම් යම් අඩුපාඩු මතුවෙනව. සමස්ථයක් හැටියට පේ‍්‍රක්‍ෂකයා තමයි ඒ නාට්‍යයේ ජනප‍්‍රිය භාවය තීරණය කරන්නෙ.

 නිර්මාණයකට ආරාධනයක් ලැබුණාම මොනවද සලකා බලන කරුණු?

 මෙතෙක් ලැබුණු හැම චරිතයක්ම මම භාරගෙන නැහැ. මට ආදරේ කරන්න පුළුවන්” මට විඳින්න පුළුවන් චරිත තමයි මම භාර ගන්නෙ. මේ කලාව තුළ අපි අසතුටු වෙලා බැහැ. යන විදිහට යන්න වෙනවා. එක්කෙනකුට දෙන්නකුට මේ ක‍්‍රමය වෙනස් කරන්න බැහැ.

 චරිත ඒකාකාරී නැද්ද?

 මම නම් එහෙම හිතන්නෙ නැහැ. මවගේ චරිතය වුණත් එකිනෙකට වෙනස් වෙනව. එහෙම හිතනව නම් අපි මොනයම් හෝ වෙනසක් හොයාගෙන යන්න ඕනා.

 පේ‍්‍රක්‍ෂකයාට දෙන පණිවිඩය?

 මම රඟපාන නාට්‍ය දෙක ගැන කතාකළොත්” රසවින්දනය එකිනෙකාට වෙනස්. මේ ඕනෑම චරිතයක හොඳ නරක පරෙස්සමින් වෙන්කරගෙන ජීවිතය දකින්න ඕන. මේ නාට්‍ය හරහා කියන පණිවිඩය දේශපාලනමය වශයෙන් හෝ සමාජමය වශයෙන් ගත්තාම තෝරා බේරාගෙන රස විඳියයුතු දේවල් තියෙනව. රචකයා කියන්න හදන දේ මොකක්ද කියල හොයල බලල බුද්ධිමත්ව ඒ හරය දකින්න උත්සාහ කරන්න ඕන.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment