මට හිනාවෙන්න බැහැ මගේ පැත්තක් පණ නෑ ජස්ටින් බීබර් රසිකයන්ට කියයි

294

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන අවලංගු කිරීමෙන් පසු තමා මුහුණේ අංශභාගයෙන් පෙළෙන බව ගායක ජස්ටින් බීබර් හෙළි කළේය. මෙය සංගීත ලෝකයම කම්පනය කළ පුවතක් විය.

 28 හැවිරිදි මේ ගායකයා ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් කියා සිටියේ රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය නම් රෝග තත්ත්වය හේතුවෙන් තමා පීඩා විදින බවයි.

 ඔබට පේන විදියට මේ ඇහැ ඇරෙන්නේ නෑ. මට මේ මූණෙන් හිනා වෙන්න බෑ. ඉතින් පැත්තකින් මම අබ්බගාතයෙක් ඔහු කීවේය.

 රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය යනු කන් අසල මුහුණේ ස්නායුව අඩපන වීම නිසා ඇතිවන තත්ත්වයක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

 මෙම සතිය මුලදී පෙබරවාරි මාසයේ ආරම්භ වූ Bieberzs Justice World Tour සංදර්ශන තුනක් අවලංගු වූයේ මේ අසනීපය නිසාය.

 මගේ කනේ සහ මගේ මුහුණේ ස්නායුවලට පහර දෙන මේ වෛරසයෙන් තමයි මගේ මුහුණේ අංශභාගය ඇති කළේ. කැනඩාවේ උපන් ගායකයා මිනිත්තු තුනක වීඩියෝවෙන් ඔහුගේ මුහුණේ දකුණු පැත්ත පෙන්වමින් පැවසීය. ඔහු තම රසිකයන්ට ඉවසිලිවන්තව සිටින ලෙස ඉල්ලා සිටි අතර, ඔහුගේ ඉදිරි සංදර්ශන පැවැත්වීමට නොහැකි බව පවසා සිටියේය. ජස්ටින් සිය මුහුණේ දකුණු පැත්ත නොසෙල්වෙන ආකාරය මිලියන 240ක් පමණ වන ඔහුගේ අනුගාමිකයන්ට පෙන්වමින් ඔහු සිනාසෙමින් ඇසිපිය හෙළීය.

 ඔබට පෙනෙන පරිදි මෙය ඉතා බරපතළය. මෙය එසේ නොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. නමුත් පැහැදිලිවම මගේ ශරීරය මට පවසන්නේ මට වේගය අඩුකළ යුතු බවයි, යැයි ඔහු පැවසීය. මම හිතනවා ඔයාලට තේරෙයි කියලා. මම මේ වේලාව පාවිච්චි කරන්නේ විවේකීව සහ සියයට සියයක්ම නැවත පැමිණීමට. එවිට මා ඉපදුණු දේ කිරීමට මට හැකි වනු ඇතැයි යනුවෙන් මේ ගායකයා පවසා සිටියේය. සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා මුහුණේ ව්‍යායාමවල නිරත වන නමුත් මෙය යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි තමා නොදන්නා බව ජස්ටින් වැඩිදුරටත් පැවසීය.

මට හිනාවෙන්න බැහැ මගේ පැත්තක් පණ නෑ ජස්ටින් බීබර්  රසිකයන්ට කියයි



 එක්සත් ජනපදයේ මායෝ සායනයට අනුව මේ රෝග තත්ත්වය නිසා මුහුණේ අංශභාගය සහ බලපෑමට ලක් වූ කනෙහි ශ්‍රවණාබාධ ඇති වීමට පුළුවන.

 රෝගීන්ට එක් ඇසක් වැසීමට නොහැකි වීමෙන් ඇස්වල වේදනාව සහ පෙනීම බොඳ වීමට ද හේතුවිය හැකි බව එම වෛද්‍ය ආයතනය පවසන අතර එය බොහෝ විට අවුරුදු 60ට වැඩි පුද්ගලයන් තුළ මේ රෝගය දක්නට ලැබේ. පසුගිය මාර්තු මාසයේ ජස්ටින්ගේ බිරිඳ වන හේලි බීබර්

 ඇගේ මොළයේ රුධිර කැටිගැසීමක් හේතුවෙන් රෝහල් ගත කරන ලදී. ඉන්පසුව ඇය නිවේදනය කර සිටියේ තමාට ආඝාතය වැළඳී ඇති බවත්, ඇයගේ හදවතේ සිදුරක් වැසීමට සැත්කමක් කළ බවත්ය.



 සිරිමල් කළුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment