මඩකලපුවේ සේනා මඬින්න දැඩි පියවර

36

මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල වගාකර ඇති බඩඉරිඟු බෝගවලට හානිකරන සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව දැනට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ඇති වී තිබෙන සේනා දළඹුවන් මර්දනය කිරීමට දැඩි පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම ව්‍යාප්ති දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. පැරින්පනායකම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබේ. මෙම සේනා උවදුර වළක්වා ගැනීමට කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් බඩ ඉරිඟු වගා කර ඇති ගොවීන්ට උපදෙස් ලබාදී තිබේ. මේ සඳහා පත්‍රිකා බෙදා හැරීමද සිදු කෙරේ.

නියමිත කාලය තුළදී මෙම හානිය පාලනය කරගැනීමට හැකිවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. පරින්පනායකම් මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ නියෝග පරිදි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. එච්. හුසේන් මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

කාත්තංකුඩිය – සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment