මඩකලපුව කල්මුනේ ප‍්‍රධාන මාර්ගයේ මාළු ලොරිය අනතුරේ ලොරියට බරපතළ හානි මාළු තොගය විනාශයි

442

මඩකලපුව කල්මුනේ ප‍්‍රධාන මාර්ගයේ කලවන්චිකුඩි විශේෂ හමුදා බලකාය කඳවුර ඉදිරිපිටදී ති‍්‍රකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ සිට මාළු පටවාගෙන කලමුනේ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කළ කුඩා වර්ගයේ ලොරියක් අනතුරට පත්ව ඇති බව කලූවන්චිකුඩි පොලිසිය පවසයි.

මෙම වාහනයේ ගමන් කළ කිසිවෙකුටත් විපතක් සිදු නොවී දිවි ගලවා ගෙන ඇති බවත් සුනකයෙකු පාර හරහා පැනීමෙන් එම අනතුර සිදුවූ බව එහි ගමන් කළ පුදගලයා පැවසීය. ප‍්‍රවාහනය කළ මාළු තොගය විනාශවී ඇති අතර වාහනයට බරපතල හානි සිදුවී ඇත. මෙම අනතුර සම්බන්ධව එම ස්ථානයට ගිය කලූවන්චිකුඩි පොලිසිය විමර්ශන සිදු කරන ලදී.

මඩකලපුව – ටී.එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment