මණ්ඩලයේ ගබඩාවල කෝටි 17 ක වී අතුරුදන්

192

හිටපු කළමනාකාරිත්වයට වගේවගක් තිබිලා නෑ…. විගණනයෙන් තොරතුරු හෙළිවෙයි

ඉකුත් වසර පහක කාලයේදී වී අලෙවි මණ්ඩලය යටතේ පාලනය වන ගබඩාවල තිබූ රුපියල් කෝටි දහහතකට වැඩි වී ප්‍රමාණයක් අන්ත්‍රස්දාන වී ඇතැයි රජයේ විගණකාධිපති වාර්තා මගින් හෙළි වී ඇත.

ගබඩාවල තිබූ වී තොගවලින් සියයට දොළහක් පමණ ප්‍රමාණයක් මෙලෙස අන්ත්‍රස්දාන වී ඇතැයි එම වාර්තා මගින් දිගින් දිගටම කරුණු දක්වා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එම වාර්තා උපුටා දක්වමින් පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන වල පවතින දත්ත පිළිගත නොහැකි බවටත් කිසිම අවස්ථාවක ගබඩාවල තිබෙන වී තොග පිළිබඳව භෞතික ගණනය කිරීමක් සිදුකර නොමැති බවටත් විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව නිකුත් කරන ලද විගණන වාර්තා මගින් දිගින් දිගටම පෙන්වා දී තිබේ. ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී වී වල තෙත ගතිය, ගබඩා කර තිබියදී සිදුවන ක්‍ෂයවීම් ආදිය සැලකිල්ලට ගන්නා අතර ගබඩා කර තිබියදීත් අපතේ යෑම්, කෘමි හානි, බර අඩුවීම් යළිත් සියයට එකක් නොසලකා හැර තිබියදී මෙලෙස වී තොග විශාල වශයෙන් අතුරුදන් වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ අතර කාලයේදී අදාළ විෂය භාර ඇතැම් ඇමැතිවරුන් වී අලෙවි මණ්ඩලය
ගොවීන්ගෙන් මිලදීගත් මිලට අඩුවෙන් හෝ ගත් මිලටම හිතවතුන්ට වී විකුණා දමා තිබෙන බවට විගණන වාර්තා මගින් දිගින් දිගටම පෙන්වා දී ඇතැයි ද හෙතෙම කීය. ඉකුත් වසර පහේදී වී අලෙවි මණ්ඩලයේ හිටපු කළමණාකාරිත්වය මේවා පිළිබඳ කිසිදු සොයාබැලීමක් කර නැත.

රට පුරා පිහිටි වී අලෙවි මණ්ඩල යටතේ තිබෙන
ගබඩාවල භාරකරුවන්ද වී තොග අතුරුදන් කර ඇති අතර එම සිද්ධීන්වලට අදාළව ඇතැම් නිලධාරීන් සේවයෙන් පහකර හෝ නෛතික හා විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද එම නිලධාරියා පැවසීය. මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ වත්මන් සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තමා මෙම තනතුරට පත් වී තාම සති තුනක් බවයි. විගණකාධිපති වාර්තා 21 ක් තමා සතුව ඇතැයි ද ඒ සියල්ලටම දෙසැම්බර් 31 වැනිදා ට පෙර උත්තර ලියා යවන බවද ඒ මහතා කීය.

රජයේ බැංකු ණය ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබුණත් මණ්ඩලය සතු රුපියල් මිලියන 810 ක් වැයකර වී මෙට්‍රික්‌ ටොන් 7070 ක් යල කන්නයේ දී මිලදී ගෙන ගබඩාකර ඇත. එම තොගය විකිණීමෙන් පසු මණ්ඩලයට රුපියල් මිලියන 2000 ක් හිමිවන බවද සභාපතිවරයා කීය.

ගබඩාවල වී තොග සම්බන්ධ විධිමත් සොයා බැලීමක් සිදුවී නොමැති නම් වහාම වී තොග පරික්‍ෂා කර අදාළ භෞතික දත්ත යාවත්කාලීන කරන බවද සභාපතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment