මතට ඇබ්බැහි නරුම පුතාට පියා සහ මව අමතක වෙලා  – පියා මරුට මව රෝහලේ

315

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මවගේ අතකට බරපතළ තුවාල ලබා මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියැදුරෙකි. තදින් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේ දී නැවත නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී තිබේ. 28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment