මත්ජාවාරමාගේ දේපළ යළි ලබාදෙන්න ඇමැති දතකයි

626

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙන කොළඹ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ ආපසු එම ජාවාරම්කරුටම ලබාදෙන ලෙස කියමින් රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු දිගින් දිගටම විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීම නිසා ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් අධි සුඛෝපභෝගී වාහන, රන් ආබරණ, ඉඩකඩම්, මුදල් ඇතුළු දේපොළ රැසක් මීට මාස කීපයකට උඩදී නීති විරෝධී වත්කම් සහ දේපොළ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රුපියල් කෝටි 80 කට අධික වටිනාකමෙන් යුත් මෙම දේපොළ සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් ඒවා බව ද විමර්ශනවලින් අනාවරණය විය.

එම දේපොළ අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් නිලධාරීන්ට දුරකථනයෙන් කථා කර ඒවා ආපසු මත්ද්‍ර්‍ය ජාවාරම්කරුටම ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

එහෙත් අමාත්‍යවරයාගේ නියෝගවලට එකඟවීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර නැත.

මෙම අමාත්‍යවරයා පසුගිය කාලය පුරාම විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත්වූ අයෙකි. නිරුපිකාවන් වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක්වූ අයකු බව ද ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment