මත්තලට වැඩිම විදේශීය සංචාරක ආගමනය මේ වසරේ

97

2013 වසරේ මාර්තු මස 18 වන දින එවකට ජනාධිපතිව සිටි වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ශ‍්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානය කරා රැුගෙන ගිය ගමනේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙරටට දායාද විය.

 එවකට මනා සංවර්ධන සැලැස්මක් යටතේ කි‍්‍රයාත්මක වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2013 වසරේ සිට 2015 වසර දක්වා ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම සමග අඛණ්ඩ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී.

 අනතුරුව 2015 වර්ෂයේ පත්වූ රජය එතැන් පටන් වසර පහක කාලයක් පුරාවට මත්්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සුදු අලියෙකු සේ හුවාදක්වමින් සියලූම මෙහෙයුම් කි‍්‍රයාවලීන් අකර්මණ්‍ය කරමින් වී ගබඩාවක් බවට පත්කරනු ලැබුවේ මුළුමහත් රටටම විශාල පාඩුවක් අත්කර දෙමින් හුදු දේශපාලනික අරමුණු පෙරදැරිව පමණක්ව බවත් මේ වන විට පසක් වී හමාරය.

 තත්ත්වය එසේ තිබියදී 2020 වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පැමිණීමත් සමග නැවතත් මෙම ගුවන් තොටුපළ සක‍්‍රීය තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කෙරිණ. ඒ අනුව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශී‍්‍ර ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ නායකත්වය යටතේ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ නැවත සංවර්ධනය කිරීමේ පූර්ණ වගකීම ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක මෙහෙයුම් ෂෙහාන් සුමනසේකර මහතා වෙත පැවරිණි.

 එතැන් පටන් ක‍්‍රමානුකූල කඩිනම් වැඩපිළිවෙළක් යටතේ එකී සියලූම පාර්ශ්වයන්ගේ පූර්ණ අධීක්ෂණය මත මත්්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවත සකී‍්‍රය තත්ත්වයට පත්කරමින් ක්‍ය්රඑැර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබූවේ උපායමාර්ගික ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණු පෙරදැරිවය.

 මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නොවන්නට, එකී සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් තුළ, විදෙස්ගතව සිටි ශ‍්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන ඒමේ ක‍්‍රියාවලිය, චීනයේ වූහාන් නුවර සිරවී සිටි ශ‍්‍රී ලාංකික සිසුන් මුදාගැනීමේ මෙහෙයුම සහ එතැන් පටන් කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ විදෙස්ගතව සිටි ශී‍්‍ර ලාංකිකයින් මෙරටට රැුගෙන ඒම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පවතින සීමාකාරී සාධකයන් තුළ සිදු කළ නොහැකි වනු නියතය.

 එමෙන්ම වරින් වර මුහුදු ගමන් සඳහා කාර්ය මණ්ඩල හුවමාරු කිරීම්, ගුවන් භාණ්ඩ අපනයනය කි‍්‍රයාවලිය නැවත සකී‍්‍රය කර පවත්වාගෙන යෑම, විශේෂයෙන්ම ශීත සෘතුවට සමගාමීව ලෝකයේ විශාලතම ගුවන් සමාගම් මත්තල ගමනාන්තය කරගනිමින් නව ගුවන් ගමන් වාර ක‍්‍රියාත්මක කිරීම මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා අඛණ්ඩවම සිදුවනුයේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමිනි.

 එසේම මෙම වසංගත තත්ත්වය හමුවේ තවත් එක් වැදගත් පියවරක් ඉදිරියට තබමින් අන්තර්ජාතික ගුවන් තොටුපළ කවුන්සිලය (ACI) මගින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය සහතිකකරණය මත්්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හිමිකරගැනීමට සමත්වීම ද සුවිශේෂී ජයග‍්‍රහණයකි.

 ඒ අනුව එම සියලූම ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් ලෙස වසර පහක් පුරාවට අකර්මණ්‍යව පැවති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කොවිඞ් ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේදී මෙන්ම ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ අඛණ්ඩ ගුවන් ගමන් මෙහෙයුම් තත්ත්වයන් නොමැතිවත් මේ වසරේ දෙසැම්බර් මස වන විට එහි වැඩිම විදේශීය සංචාරක ආගමනයන් ප‍්‍රමාණය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වශයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති අවශ්‍යතාව තවදුරටත් සනාථ කරමිනි.

 වසරකට ගුවන් මගීන් මිලියනයක ප‍්‍රමාණයක් හැසිරවිය හැකි සියලූම නවීන පහසුකම්වලින් සමන්විත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිරි වසර කිහිපය තුළදී වඩාත් කාර්යබහුල සහ කාර්යක්ෂම ගුවන් තොටුපළක් ලෙස මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිත් ඇදගන්නාසුලූ ලොව වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් හිමි ගුවන් තොටුපළක් වනු නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment