මත්තල ගුවන්තොටුපල ආසන්නයේ  මහා පරිමාණ ඉඩම් කොල්ලයක් – පොලිසිය නිදිලු  නීතියක් නැතිලු

335

මත්තල ගුවන් තොටුපොලට ආසන්න ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව වනය එළි කරමින් දැඩි පාරිසරික හානියකට ලක්වෙමින් පවතී.

හේන් වගාවන් කිරීමට යැයි පවසමින් විවිධ පිරිස් විසින් මෙම ඉඩම් ඇල්ලීම මේ දින වල සිදු කරමින් පැවැතියත් වනය ආරක්ෂා කිරීමට ඇති කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරියකුගේ අවධානය මේ දක්වා යොමු වී නොමැති බව ජනයා පවසයි.

මේ වන විටත් වැව් ජලාශ අසළ ද ප්‍රධාන මාර්ගයට ද මායිම්ව අක්කර 200 ක් ඉක්ම වූ විශාල වනයක් එළිකර ගිනි තබා ඇත.

මත්තල ගුවන් තොටුපොලට යන එන මාර්ගයේ ආසන්නයේ ඇති මෙම ඉඩම් කලක සිට විවිධ වූ පිරිස් අල්ලා ගෙන පිටස්තර පුද්ගලයින් වෙත විකිණීම

මහා පරිමානයෙන් සිදු වන බව මෙම ප්‍රදේශයේ ජනයා පවසයි.

නැති බැරි අයට වෙනම නීතියත් ඇති හැකි අයට පරිසරය හානි කළත් නීතියක් නැති බව මෙම පරිසර හානිය සම්බන්ධව දැකින බොහෝ පිරිස් පවසති.

කතරගම සහන් දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment