මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට ජනපති සමාව දුන් ට්‍රම්ප් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පමුණුවන ලෙස ඉල්ලයි

198

මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට ජනාධිපති සමාව දුන් ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පමුණුවන ලෙස එරට කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.

පෙන්සිල්වේනියාවේ පැවැති රැස්වීමකදී ඔහු මෙම ඉල්ලීම කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසා වසරකට සියගණනක් සිවිල් වැසියන් ඝාතනය වන බව ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් කළ මෙම ඉල්ලීම ගැන කොංග්‍රස් මන්ත්‍රීවරු අවධානය යොමුකර නැත.

සංස්කරණය – කීර්තිවීර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment