මත්ද්‍රව්‍ය මර්දනය කතාවට සීමාවෙලා

99

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති

රටේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට කතා කරන තරමට ප්‍රායෝගිකව එය සිදුවන්නේ නැතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍යා සමාධි රාජපක්‍ෂ මහතා පැවැසීය.

රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා වන ප්‍රමාණයට වඩා රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි බවත්, වගකිවයුතු සියලු ආයතන එක්ව කටයුතු කර මේවා මර්දනය කිරීමට නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් ඒ මහතා කීය.

අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට දිනපතා තරුණ පරපුර පමණක් නොව ළමා පරපුර ද ගොදුරු කරගැනීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, මෙය මැඬපැවැත්වීමට නොහැකි වුවහොත් රටේ අනාගතය පිළිබඳ ගැටලු මතුවිය හැකි බවත් කී සමාධි රාජපක්‍ෂ මහතා, අයිස් වැනි මත්ද්‍රව්‍ය විශාල ලෙස විදෙස් රටවල රසායනාගාරවල නිපදවා මෙරටට ගෙන්වන බවට සැකකරන බව ද පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment