මත්ද්‍රව්‍ය වටලන්න ඖෂධවේදියෙකුත් එයි

160

මත්ද්‍රව්‍ය වැටලීම්වල නියැළි සිටින පොලිස් කණ්ඩායම් ඒවා හඳුනා ගැනීමට ඖෂධවේදියෙකුද යොදා ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම වැටලීම්වලදී සොයා ගන්නා මත්ද්‍රව්‍ය හරි හැටි හඳුනා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයිද ඔහු පැවසීය. ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි නිසා මානසික රෝගයට මෙන්ම වෙනත් ආබාධ සඳහා දෙනු ලබන ඖෂධ විකිණීමට පුරුදුවී සිටින බවද පොලිසිය කියයි. මේ අනුව මෙම වැටලීම් සඳහා එම පෙති වර්ග හඳුනා ගැනීමට ඖෂධවේදියෙක් යොදා ගන්නා බවද එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

නෝමන් පලිහවන

advertistmentadvertistment
advertistmentadvertistment