මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට බරවාහන සඳහා වෛද්‍ය සහතික නිකුත් නොකිරීමට තීරණ

153

මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ අරමුණෙන් පසුගිය 5 වැනිදා සිට බරවාහන සඳහා රියැදුරු බලපත‍්‍ර අපේක්ෂා කරන අයගෙන් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් සඳහා අදාළ වෛi සහතිකය නිකුත් නොකිරීමට හෝ මුළු ජීවිත කාලය සඳහාම ලබානොදීමට ජාතික ප‍්‍රවාහන වෛi ආයතනය තීරණය කර ඇතැයි එහි සභාපති වෛi සචින්ද්‍ර ගමගේ මහතා ඊයේ (6 දා) පැවසීය.

මෙම වැඩපිළිවෙළ ඉකුත් 25 වැනිදා සිට ආරම්භ කර ඇතැයි ද සඳහන් කළ සභාපතිවරයා රියැදුරු බලපත‍්‍ර දීර්ඝ කිරීම හා අලූතින් බලපත් ලබාගන්නා අයටත් මෙම කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කෙරෙන බව සඳහන් කර සිටී.

පසුගිය කාල සීමාවන් තුළ මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීමෙන් සිදුවූ මාරක අනතුරු සැලකිල්ලට ගනිමින් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළ බවද හෙතෙම පැවසීය.

ඇන්ටන් ප‍්‍රනාන්දු


 

advertistmentadvertistment
advertistmentadvertistment