මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සුඛෝපභෝගී මෝටර් රථයට තහනම් නියෝග

177

කුලියාපිටිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම හැරීම සඳහා ජාවාරම්කරුවකු යොදාගත් රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා සුඛෝපභෝගී  මෝටර් රථයට තහනම් නියෝග ලබාදීමට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු වයි. ප‍්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.

ඊට අමතරව මාස තුනක ප‍්‍රගතිය වාර්තා කිරීමටද මහාධිකරණ විනිසුරුතුමිය වැඩිදුරටත් නියෝග කළාය.

2020.11.15 දින හොරෙයින් මත්කුඩු ග‍්‍රෑම් 3 මිලිග‍්‍රෑම් 300 ක් සුඛෝපභෝගී  මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී බිංගිරිය පොලිස් ස්ථානය මගින් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අධිකරණ වෙත ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට භාරයට පත් කර තිබිණි.

එම ජාවාරම්කරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල්වලින් විශාල ලෙස වත්කම් උපයා ගෙන ඇති බවත් ඒ අනුව ඔවුන්ගේ  සමීපතමයන්ගේ නමින් විවිධ දේපළ මිලදී ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් අනුව විමර්ශනය සිදුකර තිබිණි. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම මෝටර් රථය ඔහුගේ ඥාති සහෝදරයෙකුගේ  නමට මිලදීගෙන ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය එම නියෝගය ලබා දෙන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් සහකාර පොලිස් අධිකාරි ඒ. කේ. වයි. දහනායක මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment