මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග කිසිදු සම්බන්ධයක් නැහැ… හොන්ඩුරාස් ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා පවසයි

96

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග තමා කිසිදු සම්බන්ධයක් පවත්වන්නේ නැතැයි හොන්ඩුරාස් ජනපති වුවන් ඕර්ලන්වෝ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතා ප‍්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමාට එරෙහිව සාක්‍ෂි දී ඇත්තේ ඇමෙරිකානු අධිකරණයෙන් පහසුකම් ලබාගැනීමට බවද හෙතෙම තවදුරටත් කීවේය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක‍්‍රියාකරන නිසා වරක් ඔවුන් තමාව ඝාතනය කිරීමට සැලසුම් කළ බව පලකළේය. හොන්ඩුරාස් ජනපතිගේ සොහොයුරු හිටපු කොංග‍්‍රස් මන්ත‍්‍රී අන්තෝනියෝ ටෝනි මත්ද්‍රව්‍ය චෝදනාවලට ජීවිතාන්තය දක්වා සිරද`ඩුවමකට ලක්වී ඇමෙරිකානු සිරගෙයක සිටී. එහෙත් නිව්යෝක් නඩු අධ්‍යක්‍ෂවරු පවසන්නේ ජනපති ඕර්ලන්වෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment