මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා කාන්තාවගේ වගකීම

1842

මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා කාන්තාවගේ වගකීම

ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයෙහි කාලීන ප‍්‍රවණතාවය විමර්ශනය කරන කල්හි, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ හරහා සිදුවන සීමා බාධක නිසා හෝ ශීඝ‍්‍රයෙන් සිදුවන සමාජ වෙනස් වීම් හමුවේ දැනට පවතින කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අවම ව්‍යාප්තිය තවදුරටත් එසේම පවතීයැයි සිතීම අසීරු කරුණකි. සමාජ වෙනස් වීමත් සමගම ශ්‍රී ලාංකික තරුණයන් පමණක් නොව තරුණියන්ද තාරුණ්‍යයේ විලාසිතාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ ප‍්‍රවණතාවයක් පර්යේෂණ තුළින් අනාවරණය වී ඇත.
 
 ජුනි 26 දිනට යෙදෙන මත්ද්‍රව්‍ය දුර්භාවිතයට හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි
 
මත්ද්‍රව්‍ය දුර්භාවිතයට හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජුනි මස 26 වැනිදාට යෙදී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නිවැරදි තොරතුරු සමාජය තුළ මහජනතාව තුළ හුවමාරු නොවීම ඔවුන් දැනුවත් නොවීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සාධක පිළිබඳ අනවබෝධය, සමාන්‍ය ජනතාව මෙම විෂය කෙරෙහි දක්වන උනන්දුව අඩුවීම සහ මේ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සම්බන්ධීකරණය හා සහයෝගිතාවය බිඳවැටීම ප‍්‍රධාන ගැටලූවකි. ”මත්ද්‍රව්‍ය පිළිබඳ නිවැරදි තොරතුරු හුවමාරු කරන්න, ජීවිත සුරකින්න’’ මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයේ තේමාව පදනම් කරගෙන මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා කාන්තාවගේ වගකීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ජාතික වගකීමකි.
 
  වර්තමාන සමාජය පිළිබඳව සලකා බැලීමේදී මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ‍්‍රිත ගැටලූ ප‍්‍රධාන සමාජ ප‍්‍රශ්නයක් ලෙස හුවා දක්වන අතර කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ද පුළුල්ව සාකච්ඡාවට බඳුන් වන කාලීන මාතෘකාවක් වේ. ගෝලීය වශයෙන් ගත්කළ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයෙහි ප‍්‍රවණතාවයක් දැකිය හැකි වුවද ශ‍්‍රී ලාංකික සංදර්භය තුළ තවමත් දැකිය හැක්කේ අඩු ප‍්‍රවණතාවයකි. ශ‍්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර එය පුරුෂයන්ට සාපේක්ෂව කාන්තා ප‍්‍රතිශතය 0.656% කි. (මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික සමීක්ෂණය, 2019). නමුත් පාසල් දරුවන් තරුණ තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පොළඹවා ගැනීමට කූට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතකරන පුද්ගලයන්ද උත්සාහයක නිරත වී සිටී.
 
 ශ‍්‍රී ලංකාව බහුවිධ ආගමික හා සංස්කෘතික පසුබිමකමට උරුමකම් කියන රටක් බැවින් කාන්තාවන්ට මත්ද්‍රව්‍ය භාවිතය අකැප දෙයක් බව සමාජ සම්මත වී තිබුණද, කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය අවම මට්ටමක පැවතියද පුරුෂයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිරන්තරයෙන් කායික, මානසික හා සාමාජීය වශයෙන් පීඩාවට ලක්ව දුක්වි`දින කාන්තාවන් බහුතරයක් ඇතග ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනය වැනි පීඩාකාරී අවස්ථාවන් මෙන්ම මත්ද්‍රව්‍ය වෙළෙ`දාම සොරකම් කිරීම වැනි විවිධ වූ අපචාරී හා අපරාධ ක‍්‍රියාවන්ට නූතන කාන්තාව යොමු වී ඇත. මෙවන් පරිසරයක් පවුල හා සමාජය තුළ ස්ථාපිතවීමට පෙර මත්ද්‍රව්‍ය නිවරණය මගින් පවුල හා සමාජය තුළ සුවදායී පරිසරයක් නිර්මාණය කිරීමෙහිලා කාන්තාව විසින් විශාල වගකීමක් හා කාර්යභාරයක් දැරිය යුතුය. එමගින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමට සිටින පුරුෂ පාර්ශ්වය, තම දරුවන් ඉන් මුදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
 පැරණි ලක්දිව කාන්තාව හඳුන්වනු ලැබුවේ මවක, බිරියක, ගෘහණියක හෝ දුවක වශයෙන් වුවද ඉතා විශේෂ අවස්ථාවන්හිදී රැුජිණක, මෙහෙසියක සහ රාජ මාතාවක ලෙසද ඇය ගරු බුහුමන් ලැබුවාය. පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයේ කාන්තාව ගැන කියවෙන අවස්ථා ඉතා සුලභ වුවද වැඩි වශයෙන් ඇය ගැන සළකා බලා ඇත්තේ ආගමික පරමාර්ථයෙනි. එබැවින් දානමානාදී කටයුතුවල යෙදෙමින් සැදැහැවත් ජීවිත ගත කරන, ස්වාමි පුරුෂයාගේ ධනය ආරක්‍ෂා කරමින් ගෘහ කටයුතුවල යුහුසුළුව යෙදෙන, ලැජ්ජා භය ඇති, කරුණා මෛතී‍්‍ර ඇති, ගුණවත්, බුද්ධිමත් එසේම වීර ගති පැවතුම් ඇති කාන්තාව ඔවුන්ගේ ප‍්‍රශංසාවට ලක් වූහ. එවැනි ගුණ ගරුක කාන්තාවෝ ධර්මාචාරිනී, ජනරංජිනී, කුල නන්දනී, පති පූජිකා ආදී ගෞරවාර්ථ නම්වලින් හඳුන්වනු ලැබූහ. :කිරිඇල්ලේ ඥාණවිමල, 1954, 666).
 
 මේ ආකාරයට ගෞරව සම්ප‍්‍රයුක්තව සලකනු ලැබූ ශී‍්‍ර ලංකා සමාජයේ සාම්ප‍්‍රදායික කාන්තාවකගේ භූමිකාව බොහෝ විට කි‍්‍රයාත්මක වූයේ මවක්, ගෘහණියක්, බිරිඳක්, සහෝදරියක් ලෙසය. දරුවන් හදා වඩා ගැනීම සහ ගේදොර වැඩකටයුතු ඇයගේ ප‍්‍රධාන කාර්යභාරය විය. එහෙත් අද වන විට කාන්තාවන්ගේ සාම්ප‍්‍රදායික කාර්යභාරය වෙනස් වී ඇත. සමාජ වෙනස්වීමත් සමගම කාන්තාවන්ට වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ හිමිකම මෙන්ම රැුකියාවක් කිරීමේ ඉඩ ප‍්‍රස්ථාද ඇති විය. එ් නිසා වර්තමාන සමාජයේ කාන්තාව පවුලේ ආර්ථිකයට උර දෙන කාන්තාවක් මෙන්ම රටේ ආර්ථිකයට දායකත්වය සපයන්නියක්ද වේ.
 
 පවුල තුළ වැදගත් කාර්යභාර්යක් ඉටු කළ කාන්තාව අද එම භූමිකාවෙන් ඈත්වෙමින් සිටින අතර එකළ ශ‍්‍රී ලාංකික කාන්තාවෝ මත්ද්‍රව්‍ය අකැප දෙයක් ලෙස දුටුව ද අද වන විට කාන්තාවෝ මත්ද්‍රව්‍ය භාවිත කරන තත්ත්වයට ක‍්‍රමිකව පත්වෙමින් සිටිති. එමෙන්ම ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව, 2019 උපුටා දක්වන පරිදි අවුරුදු 15-64 අතර ලෝක ජනගහනයෙන් මිලියන 271 ක් නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය භාවිත කරන අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනය පිරිමි ජනගහනය අතර පමණක් නොව කාන්තා ජනගහනය අතර ද ව්‍යාප්තව ඇති බව අනාවරණය වී ඇත. (ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව, 2019).
 
 මීට දශකයකට පමණ පෙර කාලය හා වර්තමානය සලකා බලන විට මද්‍යසාර, සිගරැුට් පමණක් භාවිතයට හුරුපුරුදු වී එම කාන්තාවන් හෙරොයින්, ගංජා, බියර් සහ විවිධ ඖෂධ වර්ග අනිසි භාවිතයට හුරු වී ඇති බවට මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් සිදුකළ විවිධ සමීක්ෂණ තුළින් අනාවරණය වී ඇත.
 
 ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයෙහි කාලීන ප‍්‍රවණතාවය විමර්ශනය කරන කල්හි, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ හරහා සිදුවන සීමා බාධක නිසා හෝ ශීඝ‍්‍රයෙන් සිදුවන සමාජ වෙනස් වීම් හමුවේ දැනට පවතින කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අවම ව්‍යාප්තිය තවදුරටත් එසේම පවතීයැයි සිතීම අසීරු කරුණකි. සමාජ වෙනස් වීමත් සමගම ශ්‍රී ලාංකික තරුණයන් පමණක් නොව තරුණියන්ද තාරුණ්‍යයේ විලාසිතාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ ප‍්‍රවණතාවයක් මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් සිදුකළ පර්යේෂණ තුළින් අනාවරණය වී ඇත.
 
 වර්තමානයේදී ඉහළ සමාජ ස්ථරවල කාන්තාවන් මෙන්ම පහළ හා මධ්‍යම පාන්තික සමාජ ස්ථරවල කාන්තාවන් ද බියර්, මද්‍යසාර, ගංජා සහ මනෝවර්තක ගනයේ ඖෂධ අනිසි භාවිතයට හුරු වී ඇති බවට වාර්තා වේ (ක්ෂේත‍්‍ර දත්ත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, 2018). විශේෂයෙන්ම රාතී‍්‍ර සමාජ ශාලා තුළ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම සමාජ අපචාරී කි‍්‍රයාවලට තරුණියන් පෙළඹී ඇති බවට විවිධ වාර්තා මගින් අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය තුළ දීර්ඝකාලීන ප‍්‍රතිඵලය ලෙස කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ප‍්‍රවණතාව තවදුරටත් වර්ධනය විය හැකි බවට පුරෝකථනය කළ හැකිය. (කොළඹ දිස්ත‍්‍රික්කයේ රාත‍්‍රී සමාජශාලා සහ වෙරළ සාද ආශ‍්‍රිත මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අධ්‍යයනය, 2017).
 
 නූතන ශ්‍රී ලංකා සමාජය දෙස සමාජ විද්‍යාත්මකව විමර්ශනය කර බලන කල සාම්ප‍්‍රදායික සිරිත් විරිත්, ආචාරධර්ම හා සාරධර්ම සමාජය තුළින් ඉතා ශීඝ‍්‍රයෙන් ගිලිහී යමින් පවතින අතර ඒ වෙනුවට බටහිර සමාජයේ පවතින සිරිත් විරිත්, ආචාරධර්ම, සාරධර්ම, ඇඳුම් පැළ`දුම්, චර්යා රටාවන් ශීඝ‍්‍රයෙන් අපේ තරුණ පරපුර වැළඳගනිමින් සිටියි. මෙම සමාජ වෙනස් වීමත් සමගම ශ්‍රී ලාංකික පුරුෂයන් පමණක් නොව කාන්තාවන්ද විලාසිතාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. ඉහත දක්වන ලද කරුණු අධ්‍යයනය කිරීමෙන් හෙළි වන්නේ, දීර්ඝකාලීන ප‍්‍රතිඵලය ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන ස්තී‍්‍ර ප‍්‍රතිශතය තවදුරටත් අනාගතයේදී ඉහළ නැඟිය හැකි බවයි.
 
 වර්තමාන කාන්තාවකගේ භූමිකාව මවක්, බිරි`දක්, දියණියක්, ගෘහණියක් පමණක් නොව ඊට වඩා සංකීර්ණ වේ. ඇය ආර්ථිකයට දායකත්වය දක්වන්නියක් ද වන අතර පවුලේ ආර්ථිකයට ද දායකත්වය සපයනු ලබයි. ස්වාමියා උපයන මුදල පවුලේ නඩත්තුවට ප‍්‍රමාණවත් නොමැති නිසා දහසකුත් පවුලේ වැඩකටයුතු මධ්‍යයේම ඇය රැුකියාවක් කරමින් පවුල නඩත්තු කරන්නියක් ද වේ.
 
 හුදෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් තවදුරටත් එයට ඇබ්බැහි වීමට සමාජය කෙරෙන්ද වක‍්‍රාකාරව ඔවුන්ට බලපෑමක් සිදුකරනු ලබයි. කාන්තාවක් වශයෙන් විඳීමට සිදුවන කරදර, හිරිහැර, තම මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෝ ස්වාමියාගේ, දරුවාගේ, දෙමාපියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා මෙන්ම කායික හා මානසික, සමාජීය වශයෙන් පීඩාවට පත් වීම නිසා කාන්තාව අද සමාජයේ ගතකරමින් සිටීx මෙම පවතින තත්ත්වය වළක්වා ගැනීමට නම් කාන්තාවක් වශයෙන් ඔබ සමාජය තුළ හැසිරිය යුතු ආකාරය අවබෝධ කරගත යුතු වන අතර ඔබට විශාල වගකීමක් හා කාර්යභාරයක් තිබේග ඔබ ඔබේ වගකීම සහ කාර්යභාරය ඉටු කළහොත් ඔබට ඔබගේ දරුවා, ස්වාමියා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වාගත හැකිවනවා මෙන්ම පහතින් දැක්වෙන ආකාරයට කාන්තාවක් වශයෙන් සිදු කළ යුතු දේවල් හෝ සිදු නොකළ යුතු දේවල් විස්තර කොට දැක්විය හැකිය.
 
 මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා කාන්තාවගේ කාර්යභාරය
 
 * මත්පැන්, සිගරට්, හෙරොයින් භාවිතා කරන්නන්ට මගතොටදී, බස් රථයේදී, දුම්රියේදී, නිවසේදී ඔබගේ අප‍්‍රසාදය සෘජුවම පල කළ යුතු අතර උදාහරණ වශයෙන් බස් රථයකදී සිගරැුට් පාවිච්චි කරන පුද්ගලයකුට එය නිවා දමන ලෙස පැවසීම.
 
 * මත්ද්‍රව්‍යවලට වියදම් වන මුදල් ඉතිරි කිරීම මගින් තම අවශ්‍යතා සපුරා ගනිමින් නිදහස්, සුවපහසු ජීවිතයක් ගොඩන`ගාගත හැකි බව පෙන්වා දීම.
 
 * මත්ද්‍රව්‍ය භාවිතය මගින් තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ද සතුට, විනෝදය, අහිමිවන බව ඒත්තු ගැන්වීම.
 
 * මවක්, බිරි`දක්, දියණියක්, සොයුරියක්, පෙම්වතියක් ලෙස හැකි සෑම අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය භාවිතයට අනුබල නොදීම. උදාහරණ වශයෙන් තමන්ගේ නිවසේ පවත්වන උපන්දින සාදයකදී, මංගල උත්සවයකදී, මරණයකදී මත්පැන් සිගරැට් ගැනීමට සෘජුවම අකමැත්ත පලකිරීම.
 
 * මත්ද්‍රව්‍යවලට අනුබල දීම කාන්තාවන් පීඩාවට පත් කිරීමක් බව කාන්තාවන්ට වටහා දීම මෙන්ම සමස්ත පවුල් සංස්ථාව කෙරෙහිම බලපෑම් ඇති කරනු ලබන බව පැහැදිලි කිරීම.
 
 * මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු හා විවාහ වීම තමා වැන්දඹුවක් බවට පත්වීමට හේතුවක් බව පෙන්වා දීම.
 
 * වෙළෙද දැන්වීම් ස`දහා පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම හා එසේ කිරීම සමස්ත ජනතාවටම කරන හානියක් බව අවබෝධ කරගැනීම.
 
 * මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ටෙලි නාට්‍ය තුළින් මත්පැන් හා ද්‍රම්වැටි පාවිච්චි කරමින් පෙන්වන අසත්‍ය දර්ශනවලදී ඔබගේ දරුවන්ට නිවැරදි තොරතුරු හා සත්‍ය වටහා දීම. උදාහරණ වශයෙන් මත්පැන් බී බිරිදට පහර දෙන්නේ වීරයකු නිසා නොව ඔහු ආත්ම ශක්තියක් නැති නිවට මිනිසකු බව පැහැදිලිකර දීම.
 
 ආර්ථිකයට පමණක් නොවෙයි එය,
 
 * පවුලේ ආරවුල් අඩදබර නිසා පවුලේ සාමය නැතිවීම.
 
 * පොදුවේ කාන්තාවන් තාඩන පීඩන, අඩත්තේට්ටම්වලට ලක් කිරීම.
 
 * මානසික අසහනය, නොසන්සුන්තාවය නිසා මුළු ජීවිත කාලයම අසතුටෙන් සිටීමට සිදුවීම.
 
 * සැමියන් මුදල් නාස්ති කිරීම නිසා කාන්තාවන්ට තනිවම පවුල නඩත්තු කිරීමට සිදුවීම, රැුකියා සොයමින් දුක් විඳීමට සිදු වීම.
 
 * ස්තී‍්‍රන් දූෂණයට ලක් වීම.
 
 * දික්කසාද වීමට සිදුවීම වැනි අවාසිසහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදු වේ.
 
 ඉහතින් දැක්වූයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නිසා කාන්තාවන්ට මුහුණදීමට සිදු වී තිබෙන ගැටලූවලින් කිහිපයක් පමණි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා කාන්තාවන්හට විශාල අසාධාරණයක් සිදු වී ඇති අතර එය සමාජය වටහාගෙන තිබුනද පුරුෂයන් වුණාම බොන්න ඕනෑ කියන මතය පිරිමින් විසින්ම හදාගත් මිථ්‍යා සංකල්පයක් සමාජය තුළ ස්ථාපිත වීම නිසා කාන්තාවන් පුරුෂයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ඉවසා සිටීමත් පුරුදු වී ඇතග තවදුරටත් මෙලෙස පුද්ගලයන් විසින් නොදැනුවත්වම කරන කියන දෑ තුළින් පිරිමින්ට මත්ද්‍රව්‍ය පාවිච්චිය ස`දහා අනුබල ලැබෙයි. එදිනෙදා වැඩකටයුතුවලට තවත් නව අංගයන් වශයෙන් ජීවිතයට මෙය සම්බන්ධ කරගනිමින් නිවසේදී, කාර්යාලයේදී හෝ මග තොටේදී කි‍්‍රයාත්මක විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment