මත්පැන් නුදුන්නැයි මවට කඩුවෙන් ගැසූ පුද්ගලයාට පුතාගෙන් උදලු පහර

672

නීති විරෝධි මත්පැන් අලෙවි කිරීමේ නිරත වන කාන්තාවක් මත්පැන් මිල දී ගැනීමට පැමිණි අයෙකුට මත්පැන් නොමැති බව සඳහන් කර තිබේ. ඉන් උරණ වූ එම පුද්ගලයා කාන්තාවට කඩුවකින් පහරදී ඇත. පසුව එම කාන්තාවගේ පුතා ඔහුට උදැල්ලකින් පහර දීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කරයි.

වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයේ නීති විරෝධී අන්දමින් කසිප්පු විකුණන නිවසක මෙම පහර දීම සිදුවී ඇත.

කාන්තාවට කඩුවකින් පහර දුන් පුද්ගලයා මත්පැන්වලට තදින් ඇබ්බැහි වූ අයෙකි. ඔහු නිරන්තරයෙන් එම නිවසට පැමිණ මත්පැන් ලබා ගන්නා අතර එදින විකිණීමට මත්පැන් නොමැතිවීම හේතුවෙන් මෙම කාන්තාව ඔහුගේ ඉල්ලීම ඉටුකළ නොහැකි බව පවසා ඇත.

අනනතුරව එම පුද්ගලයා ඇයට බැන වැදී කඩුවකින් පහර දී තිබේ. එම පහරද දීමත් සමග කාන්තාව ඉන් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ එල්ල කළ පහරින් සුළු තුවාල ලබා ඇති අතර ඇය ලූණුවිල ප‍්‍රාදේශීය රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

එම කාන්තාවගේ පුතා විසින් එල්ල කළ උදලූ පහරෙන් බරපතළ තුවාල ලබා කසිප්පු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටයොමු කර ඇත. උදලූ පහර එල්ල කර කාන්තාවගේ පුතා වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුව පොලිසිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රනුක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment