මත්පැන් ස්ටිකරය ගහන්නේ බ්ලැක් ලිස්ට් සමසාගමක් – ඇමැති විජයදාස කියයි

175

නිලධාරීන් මුදල් ඇමැති ගොනාට අන්දන්න හදනවා – බුද්ධික පතිරණ

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය සඳහා ටෙන්ඩරය ලබාදුන් ඉන්දියාවේ සමාගම ලොව රටවල් තුනකින් අසාදුගත කළ සමාගමක් යැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

බෝතල්වල අලවන ස්ටීකර් සම්බන්ධයෙන් සිදුවන අක්‍රමිකතාවලින් පමණක් රජයට වසරකට රුපියල් බිලියන 60 ක පාඩුවක් සිදුවන බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්ටිකරය මුද්‍රණය කිරීමට MSP ආයතනය ලොව රටවල් ගණනාවක ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධයෙන් චෝදනා රැසකට ලක්වූ සමාගමක්. මේ ආයතනයට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩුවක් පවා ගොනු කරත් මට ඒක ක්‍රියාත්මක කරගෙන යන්න බැරි වුණා. ඔය සමාගම රජයට නීත්‍යානුකූලව ආරක්ෂිත ස්ටිකර ලක්ෂයක් ලබාදෙනවා නම් පුද්ගලික අංශයට හොර රහසේ ස්ටිකර් කෝටි දෙකක් ලබාදෙනවා.

සමගි ජනබලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා –

මද්‍යසාර ආශ්‍රිතව සුරාබදු දෙපාර්තමේන්තුව හරහා වසරකට රුපියල් බිලියන 150 ක් රජයට අහිමි වනවා. මත්පැන් බෝතල් මත අලවන ස්ටිකර් කේතය හා කෘතීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා මගින් මෙම වංචාව සිදු කරනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මීට වගකිව යුතුයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මුදල් අමාත්‍යාංශය මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරයේ කේතය බලාත්මක කරලා නෑ. ඒ කියන්නේ ඒක ජංගම දුරකථනයකින් කියවන්න බෑ. එහෙම කරන්නේ හොර ස්ටිකර් ගේන්න තියන උවමනාවට. ඒ හොර ස්ටිකර් අහුවුණාම සුරාබදු පනතේ තියන ස්ථානීය දඩය කියන ක්‍රමවේදය පාවිච්චි කරලා සිද්ධිය සමථයකට පත් කරනවා. කෘතීම රා වලට කරෙත් මේක. මේ නිලධාරීන් කරන්නේ මුදල් අමාත්‍යවරයා ගොනාට අන්දන එක. ඒ අය හදන්නේ තමන්ගේ බලය රැකගන්න එක. ආණ්ඩුව ඇතුළේ ඉන්න මේ නිලධාරීන් ඇමැතිවරු කියන දේ අහන්නේ නෑ. වෙන එකක් තියා මේ ව්‍යාජ ස්ටිකරයේ කොන්ත්‍රාත්තුව හෙට අනිද්දාට ඉවර වෙන්න යනවා. සුරාබදු නිලධාරීන් නැවතත් එම කොන්ත්‍රාත්තුව මෙම දූෂිත ඉන්දියානු සමාගමටම ලබාදෙන්න යනවා. අද මුදල් අමාත්‍යවරයා චෞර වලල්ලකට අහුවෙලා. හැට පැන්න මේ නිලධාරීන්ට උවමනා තමන්ගෙ බලය රැකගන්න සහ මඩිය තරකර ගැනීමයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකරන දූෂණ නවත්තන්න මුදල් අමාත්‍යාංශයට අද බැරි වෙලා තියනවා.”

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment