මත්පැන් සාදයේ ගැටුමින් සරසවි සිසුන් 5 කට බරපතළයි – බහින්බස්වීම දුරදිග යයි

529

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පස්දෙනකු බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (19 දා) රාත‍්‍රී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

 විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් යාපනයේ පන්නෙයි ප‍්‍රදේශයේ පිහිටි අවන්හලකදී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම ප‍්‍රහාරය ආරම්භ වී තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් විසින් පහරදීම නිසා යාපනයේ අවන්හලටද හානි සිදු වී ඇති අතර ප‍්‍රහාරය වැළැක්වීමට ගිය හෝටල් සේවකයන්ටද විශ්වවිද්‍යාල සිසුන් පහර දී තිබේ.

 ප‍්‍රහාරයෙන් තුවාල ලබා සිටින සිසුන් පස් දෙනාගෙන් දෙදෙනකුගේ හිස්වලට බරපතළ ලෙස තුවාල සිදුව තිබේ. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment