මත් ගුලියක් කාලා ළිඳට පනින්න හිතිලා!

433

විවෘත ආර්ථිකයත් සමග මේ රටට අසූචි මිශ්‍ර පොහොරවල සිට කේරළ ගංජා මෙන්ම විවිධාකාර මත් කුඩු කන්ටේනර් පිටින් පැමිණි වග රහසක් නොවේ.

මේ කතාව ද එවැන්නකි. වසන්ත ගම්පහට නුදුරු

ගමක ජීවත් වූ නිහතමානී, අවංක, දක්‍ෂ තරුණයෙකි. දිනක් ගමේ අවමඟුලකි. ඔහු ද අවමඟුලට සහභාගිවීමට ගියේ ගමේ තරුණ ගැටව් ද සමගිනි.

රාත්‍රි අන්ධකාරයේ පිරිස අවමඟුලට යාබද පිට්ටනියකට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.

“මචං… ගනින්” එතැන සිටි නොසන්ඩාලයෝ වසන්ත අත ගුලියක් තැබූහ.

වසන්ත ද එය ගිල දැමුවේ දුරදිග නො සිතාය.

විනාඩි පැය බවට පත්විය. වසන්තට කිසියම් වෙනසක් දැනිණ.

“එකෙක්වත් ළඟට එන්න එපා. උඹලා හදන්නෙ මාව මරන්න. මාව මරන්න එපා” වසන්ත දිවගියේ අසිහියෙනි. වසන්තගේ මල්ලී ද එතැනට ආවේ ඔය අතරය.

මල්ලි උඹත් මාව මරන්නද එන්නෙ, වසන්ත පිම්මේ දුවගොස් ළිඳකට පැනීමට උත්සාහ ගත්තේය.

ගමේ මිනිස්සුන් එක්වී වසන්තව අල්ලා ඇඳක

ගැටගැසුවේ බැරිම තැනය.

ගමේ නොසන්ඩාලයන් ‘වසන්ත’ට කවා ඇත්තේ මත් ගුලියකි. මෙවැනි කාලකණ්ණි මිතුරන්ගෙන් දරුවන් ප්‍රවේසම් විය යුතුය.

ප්‍රේම්

advertistmentadvertistment
advertistmentadvertistment