මත් ජාවාරම්කරු මුදාහරින්න පොලිස් ලොක්කෙක් අල්ලස් අරන්

554

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මුදාහැරීමට ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පෑලියගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකුට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර චෝදනා ලැබ සිටින මෙම උසස් නිලධාරියා විමර්ශන කටයුතු නිම වන තෙක් පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. මෙම උසස් පොලිස් නිලධාරියා කුඩු ජාවාරම්කරුගේ පවුලේ ඥාති කාන්තාවකට දුරකථනයෙන් කතාකර අදාළ අල්ලස් මුදල් ඉල්ලා සිටින හඬපට ද මේ වනවිට පොලිසිය වෙත ලැබී ඇත. මීට ටික දිනකට උඩදී හෝමාගම ප‍්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට
 
 ගැනීමට ගිය අවස්ථාවේ එම ජවාරම්කරු පොලිස් නිලධාරියකුගේ හිසට බෝතලයකින් පහරදී පලා යෑමට උත්සාහ කළ අයෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කැලණිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ රැුඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යද්දී මෙම ඉහළ නිලධාරියා සැකකරු මුදාහැරීමට අදාළ අල්ලස් මුදල් ඉල්ලා ඇත.
 
 මෙම උසස් නිලධාරියා මීට පෙර ද පෑලියගොඩ පොලිසියේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියකට සම්බන්ධ වූ නිලධාරියෙකි. මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී දේශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියේ අදාළ නිලධාරියාට එරෙහිව අල්ලස් කොමිසමේ ද පැමිණිලි කර ඔහුට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

– හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment