මත් ජාවාරම්කාර ශිරාන් බාෂික්ගේ වැල්ලවත්තේ හෝටලයට වෙඩි වරුසාවක්

578

හෝටලය පිළිබඳ විමර්ශන නොමග යවන තැතක් -පොලිසිය

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් නමැත්තාට අයත් වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි පර්ල් බීච් නමැති හෝටලයට ඊයේ (27දා) උදේ 6.50ට පමණ යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි වරුසාවක් එල්ල කර පලාගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහාරවලින් කිසිවකුටත් හානියක් සිදුවී නැති අතර හෝටලයේ තාප්පයට සවිකර තිබූ කැනපියට වෙඩි උණ්ඩ 2ක් වැදී ඇත.

මුදල් විශුද්ධිකරණය යටතේ මෙම හෝටලයට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් එම විමර්ශන වෙනත් මගකට යොමු කිරීම සඳහා මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව සිදු කරන්නට ඇති බවත් පොලිසිය කියයි.

මෙම හෝටලයේ හිමිකරු බව කියන ශිරාන් බාෂික් නමැත්තා විදේශගතව සිටින අතර ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියකු බවට හඳුනාගෙන ඇත. ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන නදිම් බාෂික් නමැත්තා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටින අතර, මීට දින කීපයකට පෙර කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය අසලදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් බේරී පලාගොස් තිබිණි.

පර්ල් බීච් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment