මත් ජාවාරමාගේ අනියම් බිරිඳ හෙරොයින් සමග අත්අඩංගුවට

166

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනියම් බිරිඳ හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (05වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දිය අසලදී විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර එහිදී මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්, රුපියල් විසිඑක්ලක්‍ෂ පනස්දහසක් හා ජංගම දුරකථනයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙන ලදී.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්. ඩී. පී. එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment