මත් පෙති දී ජර්මන් තරුණිය දූෂණය කළ මහනුවර ව්‍යාපාරිකයා… මිතුරුකමට අවුරුදු හයයි!

2112

තරුණියගේ පලිගැනීමක් දැයි සැකයක්…

පියල් මෙරට නාවික හමුදාවේ නිලධාරියෙකි. මෙම නාවික හමුදා නිලධාරියාට දැනට දශක තුනකට පමණ පෙර ජර්මන් ජාතික කාන්තාවක් මුන ගැසුණි. ඉන්පසු ඔහු එම කාන්තාව සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගෙන ඇය සමග විවාහ විය. එම විවාහයෙන් ඔවුනට දියණියක සිටියේය. ඇයගේ නම ක‍්‍රිස්ටිනා ය. ජර්මනියේ හැදී වැඩුණු ඇය ලද සෑම මොහොතකම මෙරට පැමිණියාය.

වයස අවුරුදු තිස් දෙකක් වන ක‍්‍රිස්ටිනා පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින යළිත් වරක් මෙරටට පැමිණියාය. ඒ නිවාඩුවක් ගත කිරීම සඳහාය. එලෙස පැමිණි ඇය තංගල්ලේ පිහිටි තම පියාගේ ඥාති නිවසක නතර වී සිටියාය.

නිලූක නුවර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 28කි. ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි. ඔවුන් කලක සිට රත්තරන් සහ මැණික් ආශ‍්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත වෙති. නුවර පමණක් නොව ඉන් පිටතද ඔවුන් ව්‍යාපාර පවත්වාගෙන යයි.

නිලූක ජර්මන් ජාතික ක‍්‍රිස්ටිනා දැන හැඳින ගත්තේ දැනට අවුරුදු 6කට පමණ පෙරයි. ඒ එක්තරා උත්සවයකදීය. එතැන් පටන් දෙදෙනා අතර දැඩි මිත‍්‍රත්වයක් ගොඩ නැගුණහ. ක‍්‍රිස්ටිනා මෙරට පැමිණි සෑම මොහොතකම නිලූකව මුණ ගැසුණාය. ඔහු සමග විනෝද චාරිකා පමණක් නොව රාත‍්‍රී සමාජ ශාලාවල පවා ගියේය. මෙවර ද මෙරටට පැමිණි පසු ඇය ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවාය.

‘‘හෙලෝ නිලූක. මම ලංකාවට ආවා.”

‘‘ඔව් මම දන්නවා ක‍්‍රිස්ටිනා. ඔයා කිව්ව නේ දෙසැම්බර් 18 එනවා කියලා.”

‘‘ඉතින් ඇයි දැනගෙනත් මට කෝල් නොකළේ.”

‘‘මම ඔයා කෝල් එකක් දෙන්කම් බලාගෙන හිටියා. කවුද දන්නේ මාව අමතක වෙලාද කියලා.”

‘‘අනේ යන්න නිලූක විහිළු නොකර. ඔයා දන්නවනේ මම මෙහේ ආවට පස්සෙ කා එක්කද වැඩිපුරම ඉන්නේ කියලා.”

‘‘හරි බබා මං විහිළුවක් කරේ. දැන් කොහෙද ඉන්නේ.”

‘‘තංගල්ලේ ඩැඩාගේ ඥාති ගෙදරක.”

‘‘එහෙමද? දවස් කීයක් ඉන්නවද?”

‘‘මෙහෙ දවස් දෙක තුනක් ඉන්න වෙයි. ඊට පස්සේ මම එනවා ඔයත් එක්ක ඉන්න. මේ පාර මාව ලංකාව වටේම එක්ක යන්න ඕනා.”

‘‘හරි හරි එක්කන් යන්නම්. ඔයා එන දවස හරියටම කියන්න. මොකද මගේ බිස්නස් වැඩ ටිකකුත් තියෙනවා.”

‘‘ආ ඔයාට බිස්නස් ලොකු. කමක් නෑ ඒවා කරගෙන ඉන්න. මම එන්නෙ නැහැ ඔයාව බලන්න.”

‘‘මම එන්න බැහැ කීවේ නැහැනේ. බිස්නස් වැඩ වගයක් තියෙනව කියල විතරයි කිව්වේ. ඒවා ඇරෙන්ජ් කරලා එන්න ඕනා. කලින් ඔයා දවස කිව්වා නම් මට ඒකට ලේසියි.”

‘‘හරි හරි මම දන්නවා ඔයා බිස්නස්මන්නේ. ඒවගෙන් වැඩක් නැහැ. මේ පාර සති තුනක් මාත් එක්ක ඉන්න ඕනා.”

‘‘සති තුනක්.”

‘‘ඔවු සති තුනක්. මම දැන්මම දිනය කියන්නම්.”

‘‘හරි හරි ඔයා කියනවා නං සති තුනක් නෙමෙයි ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්නම්.”

‘‘ආ එහෙමද? එහෙනම් මේ පාර මාත් එක්ක අපේ රටට යමු.”

‘‘කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඔයා එක්ක යනවා නම් මම එන්නම්.”

‘‘හරි හරි දැන් ඇති. නිලූක මට තව පොඩි වැඩ වගයක් තියෙනවා මෙහෙ. ඒ ටික ඉවර කරගෙන අපි නිදහසේ හම්බවෙමු.”

‘‘ඔයා දින ටික කියන්න දන්නවනේ අනිවාර්යෙන් මම එනවා මොන වැඩ තිබුණත්.”

‘‘හරි නිලූක මම ඔයාට කෝල් කරන්නම්.”

තමාගේ වැඩ කටයුතු අවසන් කරගත් පසු ඇය නිලූක සමඟ සති කිහිපයක් ගත කිරීමට තීරණය කළාය. ඒ අනුව ඇය නිලූකට දන්වා නුවර ප‍්‍රදේශය පැමිණියාය. එලෙස පැමිණි ඇය නිලූක සමග සති දෙකක් පමණ නුවර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයක නැවතී සිටියාය. ඒ කාලය අතරතුර ඔවුන් දෙදෙනා නොයෙක් ප‍්‍රදේශවල සංචාරය කළහ. සති දෙකකට පමණ පසු එක් දිනක් ක‍්‍රිස්ටිනා නිලූකට මෙලෙස පැවසුවාය.

‘‘නිලූක මම 6 වෙනිදා යන්න ටිකට් දාල තියෙන්නෙ.”

‘‘එහෙමද? අපි දැන් මොකද කරන්නෙ එහෙනම්.”

‘‘මම කැමැතියි කොළඹත් දවස් දෙක තුනක් ඔයත් එක්ක ඉන්න.”

‘‘එහෙනම් අපි හෙට කොළඹ යමු.”

‘‘ඇත්තටම ඔයා එනවද?”

‘‘ඇයි මාව අවිශ්වාසද?.”

‘‘නැහැ නැහැ මම එහෙම කිව්වේ නැහැ. ඔයා බිසී නිසා ඇහුවේ.”

‘‘ඒක අවුලක් කරගන්න එපා. මම ඔයා එක්ක ඉන්නම්. අපි හෙට කොළඹ යමු.”

කතා කරගත් පරිදි පසුදින ඔවුන් දෙදෙනා කොළඹ බලා ඒමට පිටත් වූහ. එලෙස පැමිණි ඔහු බම්බලපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කැසිනෝ හෝටලයක නතර වූහ. එම දින කිහිපයදී ඔවුන් දෙදෙනා රාත‍්‍රි සමාජ ශාලාවලට ගොස් සිත්සේ විනෝද වූහ.

දිනය පසුගිය 4 වෙනි දා ය. එදින රාත‍්‍රියේද ඔවුන් දෙදෙනා කොල්ලූපිටිය ප‍්‍රදේශයේ රාත‍්‍රී සමාජ ශාලාවකට ගොස් අධික ලෙස මත්පැන් පානය කළහ. පැය කිහිපයකට පසුව කි‍්‍රස්ටිනා සහ නිලූක සිටියේ අධික බමන මතින්ය. ඒ අතර ඇය තව මත්පැන් ගෙන ඒම සඳහා බිල ගෙවීමට තම පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඞ් පත සෙව්වාය. එහෙත් ඒ පසුම්බියේ තිබුණේ නැත. ඒ බව ඇය නිලූකට මෙලෙස පැවසුවාය.

‘‘නිලූක මගේ ක්‍රෙඩිට් කාඞ් එක නැතිවෙලා.”

‘‘හරි හරි ඔය කොහේ හරි ඇති.”

‘‘කොහෙවත් නැහැ මම හැමතැනම බැලූවා.”

‘‘දැන් ඕක ගණන් ගන්න එපා. අපි ෆන් එකේ ඉමු.”

‘‘එහෙම ෆන් එකේ ඉන්නේ කොහොමද? මගේ ක්‍රෙඩිට් කාඞ් එක නැතිවෙලා තියෙන්නේ.”

‘‘මමඑක සැරයක් කිව්වනේ. ඒක ඇති කොහේ හරි. නැති වුණොත් මම ඒකෙ තියෙන සල්ලි ටික දෙන්නම්.”

‘‘මට ඔයාගේ සල්ලි වැඩක් නැහැ. මම කිව්වේ මගේ ක්‍රෙඩිට් කාඞ් එක නැතිවෙලා කියලා ඒක හොයමු.”

‘‘මම ඔයාට හොඳින් කිව්වා අතල් එකේ ඉන්න දෙන්න ක්‍රෙඩිට් කාඞ් එකක් ගැන කතා නොකර.”

‘‘ඔයාට ඒක වටින්නෙ නැති වුණාට මට වටිනවා. මට ඒක හොයාගන්න ඕනා.”

‘‘මං සුද්ද සිංහලෙන් කිව්වා ඔයාට ඒක දැන් හොයන්න බැහැ කියලා. ඒක නිසා කරදර නොකර ඉන්න.”

‘‘ඔයානම් මහ ජරා මනුස්සයෙක්. මම යනවා යන්න හොටෙල් එකට.”

‘‘යන්න බැරිනම් ඕන ම`ගුලක් කරගන්නවා. මට කරදර නොකර.”

නිලූක එලෙස පැවසූ පසු ක‍්‍රිස්ටිනාට හොඳටම කේන්ති ගියාය. ඇය බමන මතින්ම තමන් නැවතී සිටි හෝටලයට පැමිණියාය. ඇය ගිය පසුත් මත්පැන් පානය කළ නිලූක උදෑසන 4ට පමණ එම හෝටලය වෙත ගියේය. එලෙස ගිය පසු ක‍්‍රිස්ටිනා තද නින්දේය. තම සිතේ තිබූ ආශාවන් ඉටු කර ගැනීම සඳහා ඔහු කීප වරක්ම ඇයට කතා කළේය. එහෙත් ඇයගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැත. අවසානයේ ඔහු ඇයගේ ඇඳුම් උණා දමා බලහත්කාරයෙන් විවිධ අඩන්තේට්ටම් සිදුකර සිත්සේ තම ලිංගික ආශාවන් ඉටුකර ගත්තේය. එලෙස බොහෝ වේලාවක් ඔහු ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදු කළේය. බමණ මතින් සිටි ඇයට ඒ කිසිවක් මතක නොමැත. අවසානයේ තම ආශාවන් ඉටුකර ගත් ඔහු ඇය අසලින්ම නිදා ගත්තේ උපන් ඇඳුම පිටින්මය.

කි‍්‍රස්ටිනා උදේ හතට පමණ අවදි වූවාය. අවදි වූ පසු ඇය දුටු දෙයින් පුදුමයට පත් වූවාය. තමා පෙර දින ඇඳසිටි ඇඳුම් කිසිවක් ශරීරයේ තිබුණේ නැත. යම්තම් හෝ තිබුණේ යට ඇඳුම පමණි. ඒ අසල නිලූක නිරුවතින් නිදාගෙන සිටියේය. බමණ මතින් සිටි මොහොතේ කිසියම් දෙයක් සිදුවී ඇති බව ඇයට අවබෝධ වූවාය.

වහාම ඇය නාන කාමරය වෙත දිව ගියාය. එහි ගියවිට ඇය පෙරදින ඇඳ සිටි ඇඳුම් එහි මුල්ලක දමා තිබුණි. එයට අමතරව පාවිච්චි කළ උපත් පාලන කොපුවක් ද ඒ අසල තිබුණි. ඇය තවත් ඕනෑකමින් නාන කාමරය සෝදිසි කර බැලූවාය. එහිදී ඇයට උපත් පාලන කොපු පැකට් එකක් සහ ලිංගිකව හැසිරෙන අවස්ථාවන්හිදි භාවිත කරන පෙති වර්ගයක්ද සොයා ගැනීමට හැකි වූවාය. ඒ සමඟම ඇය අධික කේන්තියෙන් යුතුව නිලූක ළඟට පැමිණ ඔහු නින්දෙන් ඇහැරවා මෙලෙස පැවසුවාය.

‘‘තමුසේ මොක්කද මගේ ඇඳුම් ගලෝ දාලා කළේ.”

‘‘මං මොනව කරන්නද පිස්සුද ඔයාට.”

‘‘මට පිස්සු නැහැ. තමුසෙ මට මොනාහරි බොන්න දීලා මට ලිංගික හිරිහැර කළා.”

‘‘මම මොනවත් ඔයාට කළේ නැහැ.”

‘‘නැත්තෙ මොකද මිනිහෝ. මගේ ඇඳුම් ගැලෙව්වේ කවුද? මේ ටැබ්ලට් බිව්වෙ කවුද? ඒ විතරක් නොවෙයි මේ බලනවා පාවිච්චි කරපු කො….. එකකුත් තියෙනවා. තමුසේ මහ තිරිසනෙක්. මම බීපු අරක්කුවලට මොනාහරි දාලා මාව දූෂණය කළා. මම මේක ලේසියෙන් අත අරින්නේ නැහැ. තමුසෙට හොඳ වැඩක් කරනවා. එක මතක තියාගන්න.”

එතනින් නොනැවතුණු ඇය තම සිතේ තිබූ කේන්තිය පහවන තුරු ඔහුට බැණ වැදුණාය. අවසානයේ ඇය කොල්ලූපිටිය පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක්ද දැමුවාය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීහු අදාළ හෝටලය වෙත පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී උපත් පාලන කොපු පැකට්ටුවක් සහ ලිංගිකව එක්වීමේදී භාවිත කරන පෙති කීපයක්ද සොයා ගත්හ. ඒ සමගම සැකකාර ව්‍යාපාරිකයා ව අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් කටඋත්තර ලබාගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ පසු සැකකරු එම ජර්මන් ජාතික තරුණිය තමා සමග ලිංගික එකතු වීමට කැමති යැයි පවසා එවූ කෙටි පණිවුඩ කිහිපයක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. දෙපාර්ශ්වයේ සියලූ සාක්ෂි විමසා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා සැකකාර එම ව්‍යාපාරිකයාට ඇප ලබා දුන්නේය. මෙම සිද්ධිය දෙස බැලීමේදී තවත් එක් දෙයක් අපට මනාව වැටහේ. ඒ තනි අතින් අප්පුඩි ගැසීමට බැරි බවයි. ඒ මන්ද යත් මෙම ජර්මන් ජාතික තරුණිය මෙයට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ව්‍යාපාරිකයා සමඟ සිය කැමැත්තෙන් හෝටල් කාමර තුළ මෙලෙස නැවතී ඇති නිසාය. කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment