මත් රකුසා ජාතියට කරන මහා අපරාධයට එරෙහිව එළන ‘මොනර දැල’

922

මත්ද්‍රව්‍ය නමැති යක්‍ෂයා දැන් සමාජයේ සෑම අංශයකටම බැල්ම දමා තිබේ. ‘කුඩු’ නිසා අප ජාතිය, රට, තාරුණ්‍ය මෙන්ම දැයේ දරුවන්ද නිවෙස තුළ පවුල් ඒකකයන් දෙදරා යවමින් සිදුකරන බරපතළ අපරාධය නවතාලීම අද පළමු සටන බවට පත්කළ යුතුව තිබේ. තිස් වසරකට වැඩි කලක් රට තුළ තිබූ මහා ත්‍රස්තවාදයට වඩා වියරු විකෘති ත්‍රස්තාවදයක් මත්ද්‍රව්‍ය අද සිදුකරනු ලබයි. කොටින්ම කිවහොත් පාසල් දරුවන්ද මතට ඇබ්බැහි කර ගැනීම නිසා අද සිදුවෙමින් යන මහා ව්‍යසනය හමුවේ සිනමා කරුවන් තම ප්‍රස්තුතයන් බවට මේ ‘මහා අපරාධය’ යොදාගැනීම ප්‍රශ්සත කටයුතුය.

‘මත’ නිසා වැනසෙන පවුල් ජීවිත, ගෙදර කැදැල්ල ඉන් මුදාගැනීම හමුවේ එළන දැවැන්ත සිනමා දැලක කතාවකි මොනර දැල.

මත් රකුසා ජාතියට කරන මහා අපරාධයට එරෙහිව එළන 'මොනර දැල'

ජනාකීර්ණ පෙට්ටි මුඩුක්කුව පෙදෙසේ වෙසෙන පවුලක් වටා මේ සුන්දර කතාව ගෙනී ඇත. සුන්දරවතී, හිරුණ, ලතා, මාලක, රශ්මිය පෙට්ටි මුඩුක්කුව වටා ගෙතෙන චරිතය. හිරුණ පාසලේදී ඉගෙනුම් කටයුතු සඳහා මාලකට උදව් කරයි. ඒ නිසා මාලක ද ඔහුට විවිධ උදව් කරයි. මේ අතර මාලකගේ සොහොයුරිය රශ්මි ද සමාජ ජාලා, ෆේස්බුක් සහ මිතුරියන්ගේ මාර්ගයෙන් මත්ද්‍රව්‍ය වලට උපක්‍රමශීලීව ගොදුරු කරගනු ලබයි. ඔවුන් මත්ද්‍රව්‍ය සහිත ෆේස්බුක් සාදයන් සඳහා ද සහභාගී වෙති.

මත් රකුසා ජාතියට කරන මහා අපරාධයට එරෙහිව එළන 'මොනර දැල'

පෙට්ටි මුඩුක්කුවේ මත්ද්‍රව්‍ය ජාලය නීතියේ රැහැනට හසුකර ගැනීමට මිගාර නම් පොලිස් පරීක්‍ෂකවරයා උත්සාහ කරයි. පෙට්ටි මුඩුක්කුව ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාලය මෙන්ම ඊට අනුගත සියල්ලෝම පොලිසියට කොටුවෙති. මත්ද්‍රව්‍ය භාවිතය සහ ඉන් සිදුවන ආනිසංසය මෙන්ම ඒවා ප්‍රවාහනයට සහ ප්‍රචලිත කිරීමට දරුවන් භාවිත කරන ආකාරය පිළිබඳව මෙම චිත්‍රපටයෙන් දැනුවත් කෙරෙන අතර වර්තමානයේ අතිධාවනකාරී මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඵල විද්‍යමාන කෙරෙන ආදර්ශමත් වෘත්තාන්තයක්ද වෙයි.

“මොනර දැලේ” රංගනයට නිල්මිණි තෙන්නකෝන්, රොෂාන් පිලපිටිය, නයෝමි තක්‍ෂිලා, ගිවන්ත අර්ථසාද්, ජෙහාන් අප්පුහාමි, ෆර්නි රෝෂනි, අසංග පෙරේරා, වසන්ති රංවල දායක වෙති. ගරු රංගනයෙන් අමිත්ත වීරසිංහ, ඩිලන්ත මාලගමුවද දායකත්වය ලබා දෙති.

ආලෝකකරණය, කැමරා අධ්‍යක්‍ෂණය සහ අධ්‍යක්‍ෂණය නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍රගෙනි. නිෂ්පාදනය අරුණ කොළඹගේ විසිනි සිදුකරඇත.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment