මතින් තොර සමාජයක් හදමු

3262

බුදුරජාණන්වහන්සේගේ බුද්ධ දේශනයට අනුව මත්පැන් පානය කිරීම මත්ද්‍රව්‍ය විකිණීම පවක් ලෙස දේශනාකොට ඇත. බුදුදහම පමණක් නොව අනෙකුත් ආගම්වලද මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව දේශනා කොට ඇත. එමනිසා මොන මිම්මෙන් ගත්තද මත්වීම නරක පුරුද්දකි. මත්ද්‍රව්‍ය භාවිතය මත්වීම නිසා කිසිදාක මිනිසාට යහපතක් සිදුවී නොමැත.

 මත්පැන් පානයට ලොල් වූ පුද්ගලයා තම පවුලේ සතුට සමගිය විනාශ කරදමයි. නිතර නිතර අඬදබරවලට මුලපුරයි. වර්තමායේ වැඩිමණක් දික්කසාද නඩු සඳහා හේතුවී ඇත්තේ ස්වාමිපුරුෂයාගේ අධික මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයයි. මේ නිසා බිරිඳ සහ දරුවන් වධහිංසනයට ලක්වන අවස්ථාද ඇත. මතට ලොල් වීම හේතුවෙන් සමාජ තුළ සිදුවන මිනීමැරුම් සොරකම්, අඬදබර විශාල වශයෙන් දිනෙන් දින ඉහළ යමින් පවතී. රිය අනතුරුවලින් තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමිව ගොස් තිබේ. තවද මිතුරන් සමග සිදුවන අමනාපකම් සහෝදර සහෝදරියන් අතර සහෝදරත්වය බිඳ වැටීමට හේතුවී ඇත්තේ මතට ලොල් වීමයි. මතට ලොල් වූ පුද්ගලයාට සමාජයේ හිමිවන දේට වඩා අහිමිවන දේ වැඩිය.

 මත්පැන් උවදුරට අමතරව වර්තමාන සමාජය වන විට මත්කුඩු, මත්පෙති යනාදී විවිධ මත්ද්‍රව්‍ය වර්ග සමාජගත වී ඇත. කනගාටුවට කරුණනම් ළමා පරපුර මෙම මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටීමය. දෙමාපියෝ දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන තම දරුවන්ගේ අනාගතය සුරපුරයක් කිරීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සිවී කටයුතු කරති. නමුත් දෙමාපියන් විඳින දුක්ගැහැට පිළිබඳ කිසිදු තැකීමක් නොකරන දරුවන් කොට්ඨාසයක් සමාජය තුළ මතට ලොල් වී තම ජීවිතයේ විනාශය තමාම ළඟා කරගනී. හැත්තෑව අසූව දශකයන් වන විට මෙරට තුළ ව්‍යාප්ත වූ එවිට මත්ද්‍රව්‍ය හේතුවෙන් අතීතයේ සිට වර්තමානය දක්වා සමාජයට වටිනා තරුණ ජීවිත දහස් ගණනක් අහිමිවී ඇත. මතට ලොල් වූ පුද්ගලයාට ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් විශාල බලපෑම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

 අද සමාජයේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා විවිධ වූ හේතු ඉදිරිපත් කරති. ගෙදර ප්‍රශ්න නිසා බොන්නේ, වැඩකරන තැන නිසා ඔළුව අවුල් වෙලා, පොඩ්ඩක් හිත හදාගන්න බොන්නේ. යනාදී වශයෙන් තමන් නිවැරදි පුද්ගලයෙකු ලෙස මවාපෑම සඳහා මේ අයට විවිධ හේතු තිබිණි. තවත් සමහරෙක් අරක්කු බීම දුම්වැටියක් ඉරීම වීර ක්‍රියාවක් ලෙස සලකයි. මතට ලොල් වූ පුද්ගලයා තවත් අයෙක් තමන්ගේ තත්ත්වයට ඇද ගැනීම සඳහා පිරිමියෙක් වුණාම බොන්න ඕනෙ බොන්නේ නැත්නම් පිරිමි කමින් වැඩක් තියේද යනාදී වශයෙන් ප්‍රශ්න කරන අවස්ථාද ඇත. තවත් අය මතට ඇද ගැනීමට පොඩ්ඩක් බිව්වේ නැත්නම් වැඩක්නෑ. ගැම්මට ඉන්න පොඩ්ඩක් දාගන්න ඕනේ. මේ ආදි වශයෙන් ඔවුහු ප්‍රකාශ කරයි. මත්පැන් මත්ද්‍රව්‍ය මේ කිසිවක් සමාජයට හිතකර ප්‍රතිඵල ගෙන නොදෙයි. මත්ද්‍රව්‍ය භාවිතය මිනිසාගේ පරිහානියට හේතු වන බව අප හොඳ සිහියෙන් අවබෝධ කරගත යුතුය.

 මල්මි රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment