මතීෂ ගේ අවසන් පන්දුවේදී පන්ජාබ් ට ජය

466

පංජාබ් කිංග්ස් කණ්ඩායමට අවසන් පන්දු වාරයේ දී ලකුණු 9 ක් ජයග්‍රහනය සඳහා අවශ්‍යව තිබියදී එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ පතිරණ ගේ අවසන් පන්දුවට ලකුණු තුනක් ලබා ගත් සිකන්දර් රාසා පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කර වූයේය.
මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දු හතර තුළදී ලකුණු 32 කට එක් කඩුල්ලක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ ගේ පන්දුවාර හතර තුළදී පන්ජාබ් ක්‍රීඩකයෝ ලකුණු 36ක් ලබා ගත්හ.
තරඟයේ ප්‍රථම පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත් අතර පන්ජාබ් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී අවසන් පන්දුවේදී ජයග්‍රහණය හිමි කර ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment