මතීෂ සහ මහීෂ් නිසා ඉන්දියාව තව ගස් කීයක් සිටුවයිද?

10359

දැනට ගස් 7500යි

අවසන් මහා තරගය අද

මෙවර අයිපීඑල් තරගාවලියේ අවසාන අදියරේ තරගවලදී පන්දු යවන්නන් විසින් යවනු ලබන එක් නිලකුණු පන්දුවකට ගස් 500 බැගින් රෝපණය කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා ඇත.

ඒ අනුව පසුගිය අඟහරුවාදා චෙන්නායි කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර පැවැති තරගයේ චෙන්නායි ඉනිමේදී නිලකුණු පන්දු 34 ක් සහ ගුජරාට් ඉනිමේ නිලකුණු පන්දු 50 ක් ලෙස සමස්ත තරගයේ නිලකුණු පන්දු 84 වාර්තා වූයේය. ඒ අනුව එම තරගයේ ක්‍රියාත්මක වූ නිලකුණු පන්දු අනුව රෝපණය කිරීමට නියමිත ගස් ගණන 42000 කි.

එම තරගයේදී චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ නිලකුණු පන්දු 8ක් යොමු කළ අතර ඊට අදාළව රෝපණය වීමට නියමිත ගස් ගණන 4000 කි. මතීෂ පතිරණ එහිදී යොමුකළ නිලකුණු පන්දු 7 ට අදාළව ගස් 3,500ක් ඉන්දියාවේ රෝපණය කිරීමට නියමිතය.

ඉන් පසුව පසුගිය බදාදා මුම්බායි කණ්ඩායම සහ ලක්නව් කණ්ඩායම අතර පැවැති තරගයේ නිලකුණු පන්දු 100 ක් වාර්තා වූ අතර ඒ අනුව රෝපණය කිරීමට නියමිත ගස් ගණන 50000කි. එම තරග දෙකේ නිලකුණු පන්දු සංඛ්‍යාව 184කි. ඒ අනුව ගස් 92000 කි.

මුම්බායි කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර පෙරේදා රාත්‍රී තවත් තරගයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙවර අයිපීඑල් අවසන් මහා තරගය අද (28 වැනිදා) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සිකුරාදා පැවැති තරගයෙන් ජයගත් කණ්ඩායම අතර එම අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

මෙම තරග දෙකේදීද වාර්තා වන එක් නිලකුණු පන්දුවකට ගස් 500 ක් බැගින් ඉන්දියාවේ ගස් වැවෙනු ඇත. මතීෂ සහ මහීෂ් ඉන්දියාවේ තවත් කොපමණ ගස් සංඛ්‍යාවක් රෝපණය කිරීමට අද දායකත්වය ලබා දෙනු ඇති ඇතිද යන්න දෙස ලෝකය බලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment