මතුගම තිදරු මව ඝාතන සැලසුම පාතාල බිරිඳකගේ

617

මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ එම ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන පාතාල ප‍්‍රබලයකුගේ බිරිඳ බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම පාතාල ප‍්‍රබලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු විදේශගත වී ඇති බවට සැක පහළ කරයි.

මේ අතර මෙම ඝාතනය සඳහා පාතාල මැරයන් දෙදෙනා පැමිණි යතුරුපැදිය මතුගම ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කළුතර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් දෙදෙනාගෙන් එකකු ඩුබායි රාජ්‍යයට හොර රහසේ පලා ගොස් ඇති බවද පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලූ දෙනා මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මතුගම ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම තිදරු මව ඝාතනයට ලක් විය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලූගල මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment