මතු සසරේදී හමුවෙමු අම්මේ… තාත්තේ…

950

කොරෝනා රෝගයේ සාහසික බව අප සැමට යළිත් පසක් කරමින් සිය පස් හැවිරිදි දියණිය මෙලොව තනිකර දමා මවත් පියාත් කොරෝනා රෝගයට ගොදුරුව සිය ජීවිතවලින් සමුගන්නට සිදුවූ ශෝචනීය පුවතක් කිරිබත්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මතු සසරේදී හමුවෙමු අම්මේ... තාත්තේ...

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරුද්ධ මහතා සහ 27 හැවිරිදි ඔහුගේ බිරිඳය.

 ධනංජය මහතා කොරෝනා ආසාදිතව ඉකුත් 22 වැනිදා මරණයට පත්වී ඇති අතර බිරිඳ ඊයේ (25 දා) අලූයම මෙලොවින් සමුගෙන ඇත.

 ඔවුනගේ පස් හැවිරිදි දියණිය මේ වනවිට සිය ආදරණීය මව සහ පියා අහිමිව අසරණව සිටින්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment