මද්දකට අසුව සිටි කොටියා මරුට

68

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ උඩුව ප්‍රදේශයේ තේ වත්තක මද්දකට හසු වී සිටි කොටියකු මිය ගොස් ඇති බව බුලත්කොහුපිටිය වන ජීවී කාර්ය්‍යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ කොටියා අවුරුදු 5 පමණ තරුණ සතකු බවයි. සතා දිගින් අඩි 5 හමාරක් පමණ වෙයි.

සතා මිය යාම පිළිබඳ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පශු වෛද්‍යවරයකු ලවා සිදුකර මරණයට හේතුව සොයා බැලීමෙන් අනතුරුව අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව එම කාර්යාලය පවසයි.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment