මද්දකට හසු වී පාදයක් බිඳී ගිය වල් ඌරෙක් වනජීවි භාරයට

426

කෑගල්ල ඔවිටිවාර ප‍්‍රදේශයේ කැලයක අටවා තිබුණු මද්දකට හසු වී පාදයක් බිඳී සිටි වල් ඌරෙකු ප‍්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට වනජීවි භාරයට ගත් බව බස්නාහිර පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතා පැවසීය.

කෑගල්ල ඔවිටිවාර කැලේ යම් පුද්ගලයෙක් විසින් කැලෑ සතුන් දඩයම් කර ගැනීමේ අදහසින් මෙම මද්ද අටවා ඇති අතර එලෙස අටවා තිබුණු මද්දකට පසුගිය 04 දා විශාල වල් ඌරෙකුගේ පිටුපස වම් පාදය අසුවී කෑගසමින් සිටියදී ගම්වාසියෙක් දැක තිබුණු බව ද වනජීවි දෙපාර්තමේන්තුව කියයි. පසුව ගම්වැසියා වනජීවි දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීමකට අනුව වනජීවි නිලධාරීන් කණ්ඩායමක් කෑගල්ල ඔවිටිවාර කැලේට ගිය බවත් එහිදි වල් ඌරා මද්දෙන් ගලවාගෙන පරීක්ෂා කල බවත් සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.

පසුව වල් ඌරා පරීක්ෂා කිරීමේදී පිටුපස කකුල් දෙකේ වම් කකුල බිදී ගොස් ඇති බවට සනාථ කරගෙන තිබුණි. පසුව වල් ඌරා යකඩ වලින් තනන ලද ආරක්ෂිත කූඩුවකට දමාගෙන ප‍්‍රතිකාර ලබා දීම සදහා බෙල්ලන්විල පංශූ වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කල බව වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.

කොටියාකුඹුර රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment