මදුරාසි ගුවන් තොටුපළේ – බෝම්බ පිපිරී 29 ක් මරුට – එදා පත්තරෙන්

389

1984 අගෝස්තු 2 වැනිදා මදුරාසි ගුවන් තොටුපළට එවක කි‍්‍රයාත්මක වූ තමිල්නාඩුවේ සිටි ඊළාම්වාදී කොටි ත‍්‍රස්තවාදීන් සිදුකළ බෝම්බ පිපිරීමෙන් ජීවිත 29 ක් මුරුමුවට පත්වීමේ සිදුවීම 1984 අගෝස්තු 4 වෙනිදා දිනපතා පුවත්පතක වාර්තා කර තිබූ අන්දමට අද ඔබට ගෙන එමු.

 බෝම්බ අඩංගු ගමන් මලූ දෙක කොළඹට පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ලංකා යානයක පැටවීම සඳහා පැත්තකට කර තිබී ඇත. බෝම්බ මලූ සඟවා තිබූ ගමන් මලූ දෙක එදින රාති‍්‍ර 10.52 ට පුපුරා තිබේ.

 මියගිය අය අතර බොම්බායට ගුවන් මගින් යාමට නියමිතව තිබූ ශී‍්‍ර ලාංකික ඇලිස් ගුණතිලක මෙනවිය ඇතුළු ශී‍්‍ර ලාංකික පිරිසක්ද තවත් විදේශික පිරිසක් ද වූහ. එවක විදේශ ලේකම් බර්නාඞ් තිලකරතක්න මහතා මදුරාසියට ගොස් එම තත්ත්වය සොයා බැලූවේය. සිද්ධිය වූ වහාම ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා දුරකථනයෙන් අගමැතිනි ඉන්දිරා ගාන්ධි අමතමින් කනගාටුව පළ කරමින් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවතින ප‍්‍රශ්නවලට මුහුණ දීමට ඇප කැපවී සිටින අතර අන්තර් ජාතික සමාජයේ මුළු මහත් පදනමට අභියෝගයක් වී ඇති ත‍්‍රස්තවාදය නමැති මෘගයා සමග සටන් කිරීමට අන්‍යොන්‍ය සහයෝගයකින් කි‍්‍රයා කළ යුතු බව පැහැදිලිවී ඇත යනුවෙන්ද සටහනක් තබා තිබිණි. ‘ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට කි‍්‍රයා කරමු’ මැයෙන් ඉන්දිරා ගාන්ධි මැතිනියද එවක ජනාධිපතිවරයා වෙත පිළිතුරු පණිවඩයක් මගින් පවසා තිබිණි. එමෙන්ම මෙවැනි බිහිසුණු කි‍්‍රයා මැඬලීමට දෙරටම කි‍්‍රයා කළ යුතු බවද මියගිය ශී‍්‍ර ලාංකිකයන් හා ඇතුළු හැම වෙත සංවේගය පළකරන බවද දක්වා තිබිණි.

 කටුනායක ගුවන් යානා දෙකක් පිපිරවීමට කර තිබූ කොටි ත‍්‍රස්ත සැලසුමක් හෙළිවීමද එහි තවත් වාර්තාවක වුයේය. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපතිව සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහනය සිදුවීම ගැන මාධ්‍යවේදී බර්නාඞ් චන්ද්‍රසේකර ලියූ පුවතක්ද මහනුවර ශී‍්‍ර දළදා පෙරහැරේ ‘රාජා’ නම් මංගල හස්ති රාජයා ගමන් කරන දසුන (ආරියවංශ ජයවීරගේ සේයාරුවක්* එහි මුල් පිටුවේ සේයාරුවේ දැක්විය.

 නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment