මදු හා උගුල්වලින් කොටින්ගේ ජීවිත ආරක්ෂාවට දැළක්

302


සතුන් දඩයම් කිරීමේ අරමුණින් විවිධ පුද්ගලයන් විසින් අටවන ලද මඳු හා උගුල්වලින් කඳුකරයේ කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී නව දැළක් අත්හදා බැලීම නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ දී සිදු කරනු ලැබීය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම ආරක්ෂිත දැළ අත්හදා බැලීම ඉකුත් 23 වැනිදා සිදු විය.

පසුගිය කාලය තුළ දඩයක්කරුවන් විසින් අටවන ලද මඳු හා උගුල්වලට හසු වූ කඳුකරයේ කොටි බේරා ගැනීමට යාමේ දී එම සතුන්ගේ ජීවිත බොහෝ විට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් උගුල්වලට හසුවී සිටි එම සතුන් ප්‍රචණ්ඩකාරී නිසා වනජීවි නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment